කොරෝනා බිය මැද ඉන්දියාව යළි විවෘත කිරීමට සැරසෙයි

කොරෝනා වෛරස් රෝගීන් දිනපතා වාර්තාගත ලෙස ඉහළ යාමක් පැවතියත් ඉන්දියාව සිය රට තුළ පනවා ඇති සීමා කිරීම් ලිහිල් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එ අනුව  ජුනි මස 08 වන දින සිට අදියර ත්‍රිත්වයක් ඔස්සේ එම කටයුතු සිදුකිරීමට ඔවුන් සැලසුම් කර ඇති අතර ජුනි 08 වනදා සිට අවන්හල්, හෝටල්, සාප්පු මධ්‍යස්ථාන සහ පූජනීය ස්ථාන පළමු අදියරේදී බොහෝ ප්‍රදේශවල නැවත විවෘත කිරීමට අවසර දෙනු ලබනවා.
සති කිහිපයකට පසුව, බොහෝ විට ජූලි මාසයේදී පාසල් සහ විද්‍යාල නැවත ඉගැන්වීම ආරම්භ කරනු ඇති බවද එන් ඩී ටීවී පුවත් සේවය වාර්තා කළා.
නමුත් ඉහළ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල එම සීමා කිරීම ලිහිල් නොවන බව සදහන්.
මේ වන විට ඉන්දියාවෙන් කොවිඩ් – 19 රෝගීන් 1 74,500ක් වාර්තා වන අතර මරණ 5000කට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබෙනවා.
8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.