මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතිපතිවරයා  විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අද (1)  පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

”මහබැංකුවේ සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් මා විසින් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාව ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන ගියා. මම දන්න විදිහට මගේ දේශපාලන ජිවිතය තුල නිදහසෙන් පසු ලංකාවේ එක් එක් ආණ්ඩු විසින් පත්කරන ලද ජනාධිපති කොමිසම් සභාවලින් මහබැංකු මුල්‍ය වංචා සෙවිමට මම පත් කරපු ජනාධිපති කොමිසම තරම් රටේ මහජනතාව අතරත් උගතුන් බුද්ධිමතුන් සහ මාධ්‍ය තුලත් මේ තරම් කොමිසම් සභාවක් නැති තරම්.  ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉදලා ජනාධිපතිවරු මේ වෙනකල් පත් කරපු කොමිසම් සභා වලට මා පත් කෙරු කොමිසම් සභාවට ඉහලම ගෞරවයක් හිමි උනා. ඒ මහබැංකු වංචාව පිළිබද ජනාධිපති කොමිසම් සභා වාර්තාව මට භාර දුන්නා. ඊට පස්සේ බැදුම්කර වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා  සභාගත කරන්නත් ක‍්‍රියාකලා.

අදත් ඒ වාර්ථාව අන්තර්ජාලයේ තියනවා. ඊට පස්සේ මේ කොමිසම් සභා වාර්ථාව මම භාර දුන්නා නීතීපති දෙපාර්තමේන්තුවටත්, අල්ලස් හා දුෂණ විමර්ශන  කොමිසමට , අපරාධ විමර්ශන  දෙපාර්තමේන්තුවටත් ඒවා මම භාර දුන්නා. ඊට පස්සේ ඒ ආයතන ඉතාම හොදින් ඒ පරික්ෂණ කටයුතු කරගෙන ගියා. ඒ වාර්තාවේ නිර්දේශ කරලා තියනවා මේ වංචාවන් හොයන්න වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා. මේ මහබැංකු වාර්ථාව අනුව උගතුන් බුද්ධිමතුන් හැම දෙනාටමත් අලූත් වචනයක් එකතුවුනේ මේ කොමිසන් සභා සිදු කරන ලද වෝහාරික විගණන නිර්දේශයන් අනුව තමයි. ඒ සියලු කොමිසම් සභා වර්ථාවන් 2017-12-30 වන දින ඉහත කී කොමිසම් සභා මට භාර දුන්නා. ඒ සියලූ කොමිසම් වල වාර්ථාවන් මම පාර්ලිමේන්තුවේ සභාගත කලා. ඊට පස්සේ වෝහාරික විගණන කටයුතු මම නීතීපතිතුමාට මහ බැංකුවේ අධිපතිතුමාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යශයේ ලේකම්තුමාට  දිල ඒ සියලූ දෙනා හත් අට සැරයක් ගෙන්නලා මම කරපු ඉල්ලිම් මත තමයි වෝහාරික විගණනයක් සිදු කලේ.

මට 2019 දි සිංගප්පුරුවේ සමුලූවකට යන්න වුනා ඒ ගිය අවස්ථාවේ සිංගප්පුරු අගමැතිතුමා පුද්ගලිකව හමුවෙලා කිව්වා මම අපි සියලූ ලිපි ලේඛන මෙහෙට එවාලා  තියනවා ඒ නිසා අර්ජුන්  මහේන්ද්‍රන් අපිට දෙන්න කියලා. ඒ කලේ ඔබ දන්නවා සිංගප්පුරු- ශ‍්‍රි ලංකා අවබෝධතා ගිවිසුමත් මම නැවැත්තුවා ඒ කටයුතු ලංකාවට අහිතකර නිසා. ඉතින්  අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගන්න දවස් තුනක් තිස්සේ අතේ දියපට්ට එනකල් අත්සන් 21000 ක් මම ගැහුවා ජනාධිපතිවරවයා විදිහට. මේ විදිහේ වැඩ කොටසක් මම කල බව රටේ ජනතාව දැන ගන්න  ඕනේ. මම මගේ කලේ කොම්සම් සභා පහක් පත් කලා. ඒ කොමිසම් සභා පහේම කටයුතු සාර්ථකව සිදු කෙරිගෙන යනවා. ඒ අතර ශ‍්‍රී ලංකා ගුවන් සේවා කොමිසම් සභා වාර්ථාවත් මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කලා ඒ අයගේ දැන ගැනිම සදහා. මම පත් කරපු පස්වෙනි කොමිසම් සභාව තමයි 2019-04-21 සිදු වු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිමේ කොමිසම් සභාව. ඒ සම්බන්ධයෙන් මේ දිනවල අධිකරණයේ කටයුතු සිදුවන නිසා වැඩිය කතා කරන්නේ නැහැ.පාස්කු ප‍්‍රහාර කොමිසම් සභාව ඇරෙන්න අනිත් පත්කරපු සියලූ වාර්ථාවන් මම ඉදිරිපත් කර ඇති බවද හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මනම්පිටිය නිමල් ජයරත්න

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.