බොලිවුඩයේ අතිශය ජනප්‍රිය සංගීතඥයකු වූ වජීඩ් ඛාන් කොරෝනා වෛරසයට ගොදුරුව මරණයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ආසාදිතව රෝහල්ගත කළ පසු හටගත් වකුගඩු ආසාදනයකින් ඔහු මියගිය බවයි. සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ ඩබාන්ග් , ඩබාන්ග් 2,වෝන්ටඩ් , ඒක් තා ටයිගර් හා වීර් සිනමාපටවල සංගීත නිර්මාණය කර තිබුණේද වජීඩ් ඛාන්.
ඔහු මිය යන විට 42 වන වියේ පසුවුණා.
මෙම අකල් මරණය සම්බන්ධයෙන් බොලිවුඩයේ බොහෝ නළු නිළියන් හා සංගීතඥයන් , අධ්‍යක්ෂකවරුන් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කණගාටුව පළ කර තිබුණා.
මේ අතර 20 දෙනකු පමණක් සහභාගීවූ අවසන් සමුදීමකින් පසු වජීඩ් ඛාන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
Terrible news. The one thing I will always remember is Wajid bhai’s laugh. Always smiling. Gone too soon. My condolences to his family and everyone grieving. Rest in peace my friend. You are in my thoughts and prayers.@wajidkhan7
— PRIYANKA (@priyankachopra) May 31, 2020