සිසුවකුගේ පහරදී ශ්‍රවණාබාධයක් ඇති කළ ගුරුවරයෙකුට වන්දි ගෙවීමට නියෝග

Sri Lanka

පාසල් සිසුවකුට පහර දී එක් කනක ශ්‍රවණාබාධයක් ඇති කළ බවට චෝදනා ලැබූ මාතර ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරයකුට අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් ලක්ෂ එකහමාරක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
චෝදනා ලැබූ ගුරුවරයාට අමතරව රජයටද නියෝග කර ඇත්තේ සිසුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන ලෙසයි.
සිය පාසලේදී එක් විෂයක් සඳහා පන්තියේ රැදී නොසිටීම සම්බන්ධයෙන් විමසා අදාළ ගුරුවරයා විසින් සිසුවාගේ වම් කනට පහරදී ඇති අතර එමගින් ජීවිත කාලයටම බලපාන පරිදි ශ්‍රවණාබාධ තත්ත්වයක් හටගෙන තිබුණා.
ඒ අනුව අදාළ සිසුවාට සය මසක් තුල මෙම වන්දිය ගෙවීමටයි අදාළ ගුරුවරයා හා රජය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්  එකඟතාවය පල කර ඇත්තේ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *