බැදුම්කර වාර්තාව හෙට ජනපතිට / රජයටත් තීරණාත්මකයි

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සෙවීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බව එම කොමිසමේ ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය ප්‍රකාශ කළේය.
මෙම වාර්තාව ජනාධිපතිවරයා අතට පත්වීමත් සමග ඊට අදාළ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා කඩිනමින් පියවර ගැනීමට නියමිතය. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ වසරේ ජනවාරි 27 වෙනි දින මෙම කොමිසම පත් කරනු ලැබිය. එම කොමිසම මාස තුනක් සඳහා පත් කළ අතර එහි කාලය අප්‍රේල් 27දා අවසන් විය. නමුත් තවදුරටත් සාක්ෂි විමසීම සඳහා එම කොමිසමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එය ද ඉකුත් 08දා අවසන් වීමට තිබූ අතර එහි කාලය නැවත දෙසැම්බර් 31වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කටයුතු කළේය.
ඒ අනුව සියලු සාක්ෂි කැඳවා සටහන් කිරීමෙන් අනතුරුව එහි වාර්තාව සකස් කිරීම ආරම්භ කළ බවත් මුද්‍රණ දෝෂ පැවැතිය ද වාර්තාව ලබන (31) භාර දෙන බව උඩුගමසූරිය පැවැසීය. රටේ අනාගතය වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක් බිහිකිරීමට තමා ගෙන යන වැඩපිළිවෙළ තුළ තමාගේ කඩුවට කවුරුන් වුවත් කැපී යාහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් සතියේ ප්‍රතිඥාවක් දී තිබිණි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.