හිටපු මන්ත්‍රී රාජිතට ඇප

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.

සැකකරු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ. සැකකාර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙසැම්බර් 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම තුළින් ඔහු අධිකරණය මග හැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇති බවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

මේ සඳහා දඬුවමක් ලෙස දින නියමයක් නොමැතිව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කෙරෙන නඩු තීන්දු ගණනාවක් ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නා.

රාජිත සේනාරත්න මහතා රදවා සිටියේ මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේයි.

 

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.