සොයිසාපුර වෙඩි තැබීමට ආ ,රථයේ රියදුරු අල්ලයි

ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට උපයෝගී කරගත් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් තිබෙනවා. එම ප්‍රහාරය එල්ල වූ අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක කළා.

ඒ අනුව බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් පිළියන්දල ප්‍රදේශයේ දී ප්‍රහාරය සදහා යොදාගත් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

සැකකරු පනස් හැවිරිදි වියේ පසුවන්නෙක්. මෝටර් රථය හා සැකකරු වැඩිදුර විමර්ශන සදහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පියවර ගැණුනේ.

 

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.