ඇත් දළ සමග කොටුවූ 3න් දෙනා රිමාන්ඩ් / මරා ඇත්තේ විල්පත්තුවේ ඇතෙක් බව හෙලිවේ

අඩි හතරයි අගල් හතකින් යුත් ඇත් දළ යුගලක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 3න් දෙනා ලබන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා. අනුරාධර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතායි නියෝගය නිකුත් කළේ.මෙම සිද්ධිය සමිබන්ධයෙන් තවදුරටත් විමර්ශණ මෙහෙයවා එම විමර්ශණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර කොටිඨාශ අපරාධ විමර්ශණ අංශයට නියෝග කර තිඛෙනවා.සැකකරුවන්ට මෙම ඇත් දළ යුගල ලැබුනේ කෙසේද ඇත් දළ ලබා ගැනීම සදහා ඝාතනය කලේ කුමන ඇතාද? යන්න පිලිබදව කරුනු අවාරණය කර ගැනීමේ අරමුනින් විමර්ෂණ ක්‍රියාත්මකයි.

මෙම අපරාධය සමිබන්ධයෙන් පොලිසිය දැනට සිදු කර ඇති විමර්ශණ වලදී අනාවරණ වී ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිටි සද්දන්ත ඇතෙකු මරා මෙම ඇත් දළ යුගල ලබා ගෙන ඒවා රුපියල් ලක්ෂ පනහකට අලෙවි කිරිමට සුදානමි කර තිබු බවටයි.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.