මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින හතරකදී පවත්වන බව ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවයි.

ඊට අදාළ ඡන්දය සළකුණු කිරීමේ ක්‍රමවේදය සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කරන බව ද ඔහු කියා සිටියා.

මෙවර මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.