කොරෝනා මර්දනය වෙනුවෙන් රජය පනවා ඇති නීති උල්ලංඝණය කර, අධිකරණ නියෝගද නොතකමින් උද්ඝෝෂණ, විරෝධතා පවත්වන පාර්ශ්වයන්ට මින් ඉදිරියට දින 14ක හෝ 21ක අනිවාර්ය නිරෝධායනයකට යොමු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද(11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
කොල්ලුපිටියේ පැවැති පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සහ සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් සංවිධාන කළ උද්ඝෝෂණයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ද නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.
එම උද්ඝෝෂකයන්ට පහර දීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිසිසේත් අනුමත නොකරන බවත් මින් ඉදිරියට එවැනි සිද්ධි නොවීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිඋපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සදහන් කළා.
9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.