ඉන්දීය දේශ සීමාවේ රදවා තිබූ චීන යුධ ටැංකි ආපසු හරවයි

ByLankaAnews

Feb 12, 2021

මතභේදයට ලක්ව තිබූ ඉන්දු චීන දේශ සීමාවේ පැන්ගොන් කලාපයෙන් සිය යුධ ටැංකි ඇතළු ප්‍රහාරක රථවාහන යළි ඉවත් කර ගැනීමට චීනය කටයුතු කර තිබෙනවා.
ඒ දෙරටේ සෙබළුන් අතර ගැටුම හටගත් සීමාව ආශ්‍රිතව සන්නද්ධ රථ ඉවත් කර ගැනීමට දෙරට සාකච්ජාමය එකඟතාවයකට පිවිසීම සමගයි.
දේශසීමා ආශ්‍රිත ගැටුමෙන් පසු යුධ රථ 100ක් චීනය විසින් දේශසීමාවට යොමුකර තිබූ අතර ඒ ආශ්‍රිත කලාපයේ මාර්ග , කඳවුරු හා ගුවන් පළ ඉදිකිරීමට ද පියවර ගනු ලැබුවා.
මේ අතර ඉන්දියාවද එම කලාපයේ හමුදාව රදවා තිබූ අතර කඳවුරු රැසක් පිහිටුවීමටයි පියවර ගෙන තිබුණේ.
මෙම යුධ රථ ඉවත් කර නොගන්නේ නම් තමන්ද එවන් පියවරක් ගන්නා බවත් , මීට අදාළ සාකච්ජාවේදී ඉන්දියාව අවධාරණය කළ බවයි හින්දුස්ථාන් ටයිම්ස් පවසන්නේ.
ඒ අනුව ඇතිවිය හැකි යුධ අවදානම පහත හෙළමින් සිය සන්නද්ධ රථ දේශසීමාවෙන් ඉවත් කර ගැනීමට චීනය කටයුතු කර තිබුණා.
එය දේශසීමාවේ යුධ ගැටුමක් හටගැනීමේ අවදානම යම් මට්ටමකින් පහත දැමීමක් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *