චීනයෙන් යලිත් කොරෝනා මතුවෙයි

චීනයේ බීජිං අගනුවර කෘෂිකාර්මික නිෂ්පාදන තොග වෙළෙඳසැලක් ආශ්‍රිත නව කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ආසාදිතයින් 06දෙනෙක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍යවල සදහන්.
ඒ සමග අදාළ වෙළඳ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට එරට ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබුවා.
විෂබීජානුහරණයට මෙන්ම ආසාදිතයන් මුණ ගැසුණු පුද්ගලයන් හා ඔවුන් ගමන් ගත් ප්‍රදේශ පිළිබඳ සොයා බලන තෙක් වෙළෙඳ මධ්‍යස්ථානය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීනය තුළ මෙම තත්ත්වය සමඟ යළිත් කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණයක් සිදු වෙතැයි බියෙන් බීජිං හි ඇතැම් ස්ථානයන් වසා දැමීමට ද පියවර ගෙන ඇති බවයි.
8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.