බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වූ සුශන්ත් සිං රාජ්පුට් මිය යයි

බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියකු වූ සුශන්ත් සිං රාජ්පුට් සියදිවි හානිකර ගෙන තිබෙනවා.
ඔහු සිය නිවසේදී ගෙල වැළලා ගනිමින් සියදිවි හානිකරගෙන ඇති බවයි මුම්බායි පොලිසිය පවසන්නේ. මිය යන විට ඔහු 34 වන වියේ පසුවුණා.
ජනප්‍රිය එම්එස් දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි සිනමා පටයේ මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට පණ දෙනු ලැබුවේද සුශන්ත් සිං රාජ්පුට්.
ඔහුගේ මරණයට මුල්වූ නිශ්චිත හේතුව මෙතෙක් හෙළිව නැහැ.
කෙසේ වෙතත් ඔහු පසුගිය සමය තුල ආතතියෙන් පෙළුනු බැවින් වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.
මෙම හදිසි මරණය සම්බන්ධයෙන් බොලිවුඩයේ බොහෝ දෙනකු සිය කණස්සල්ල පළ කර තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.