ඝාතනය වු සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය ගැන විමර්ෂණයක්

මිරිහාන කල්බදු ගෙවීමේ මූල්‍ය ආයතනයක (ලීසිං සමාගම* මැර සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්ව මරුමුවට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය ද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ මහතා පසුගිය 10 වැනිදා සවස එම සමාගමේ සේවකයන්ගේ පොලූ පහර කෑමෙන් බිම ඇදවැටීමෙන් පසු මෙම ජංගම දුරකථනය අස්ථානගත වී ඇතැයි පොලිසිය කියයි.

කෙසේ වෙතත්, එම අස්ථානගත වී තිබූ ජංගම දුරකථනයට පසුගිය 10 වැනිදා කීප අවස්ථාවකදී ඇමතුම් ගැනීමට උත්සාහ කිරීමේ දී එය රාත‍්‍රී 9.30 දක්වා ක‍්‍රියාත්මකව පැවැති බවත්, පසුව එය විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි.

අදාළ ජංගම දුරකථනයේ තවත් වැදගත් තොරතුරු රැුසක් ඇතැයි සැක කරන බවත්, ඒ අනුව ජංගම දුරකථනය සොයා ගැනීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

සුනිල් ජයවර්ධන මහතා අදාළ කල් බදු ආයතනයෙන් සිය සංගමයේ සාමාජිකයාට සිදු වූ අසාධාරණය හා කල්බදු සමාගම්වලින් සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා ප‍්‍රකාශ කරන වීඩියෝවක් ජංගම දුරකථනය හරහා මුදාහැර තිබිණි. මේ හේතුවෙන් එම ස්ථානයේ සිටි තවත් සේවකයකු මෙම ජංගම දුරකථනය සොරා ගත්තේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ කල්බදු සමාගමේ කළමනාකරු සහ සේවකයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරුවන් මහරගම, අංගොඩ, බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.