උතුරු කොරියාව දේශසීමාවට හමුදාව යොදවයි

තම රටේ හා දකුණු කොරියාවේ දේශසීමා ප‍්‍රදේශවලට යළි හමුදාව යොදවන බව උතුරු කොරියාව පවසනවා.

දෙරට අතර ගැටලු සමථයකට පත්කරගැනීම සඳහා විශේෂ නියෝජිතයන් යෙදවීමට දකුණු කොරියාව සිදුකර ඇති ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කරන බවයි උතුරු කොරියාව පවසන්නේ.

දෙරට අතර සාම ගිවිසුම්වල කොටසක් ලෙස දේශසීමා නගරයක් වන කේසෝන් හි පිහිටුවා තිබු ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විනාශ කර තිබෙනවා.

දකුණු කොරියාව ඒ සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිචාරයක් දක්වා දිනකට පසුවයි මෙලෙස යළි හමුදා යෙදවීමට උතුරු කොරියාව තීරණය කළේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.