

කොළඹ නගරයේ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළ බව නාගරික සංවර්ධන සංවර්ධන අමාත්‍ය ආචාර්ය නලක ගොඩහේවා මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ මාලබේ සිට කොළඹ දක්වා ඉදිකිරීමට නියමිතවූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අධික පිරිවැය හේතුවෙන් පසුගිය සමයේ අතහැර දැමුණු බවයි.
ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 2ක් වැය කිරීමට නියමිතවූ අතර එය ජපානයෙන් ණය මුදලක් ආකාරයෙන් මෙරටට ලැබීමට නියමිතව තිබුණා.
එහෙත් අධික පිරිවැය සැළකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය විසින් එම ව්‍යාපෘතිය අවලංගු කරනු ලැබුවා.කෙසේ වෙතත් මන්තීරු 3ක මට්ටමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට නියමිත බව සදහන්.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476