2011 ලෝක කුසලාන අවසන් තරගය පැරදීම පාවාදීමක්ද ? සාක්ෂි හෙලිකරන්න ඉල්ලීමක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාවට පරාජයවීම තරග පාවාදීමක් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
ඔහු සිරස රූපවාහිනී නාලිකාව හා සංවාදයකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබුණා.
2011 වසරේ අප්‍රේල් 2 වනදා ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි.
තරගාවලියේදී මුත්තයියා මුරලිදරන් සහ ඇන්ජලෝ මැතිව්ස් ආබාධ තත්ත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් චමින්ද වාස් සහ සුරාජ් රන්දීව් කන්ඩායමට කැදවා තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට ක්‍රීඩා කළේ, ක්‍රීඩකයින් 4 දෙනෙකුගේ වෙනස් කම් සහිතවයි.
එතෙක් තරගවලට සහභාගිවූ චාමර සිල්වා, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අවසන් තරගයට චාමර කපුගෙදර, තිසර පෙරේරා, සුරාජ් රන්දීව් සහ නුවන් කුලසේකර කැඳවා තිබුණා.
ඒ එවක පැවැති තේරීම් කමිටුව විසිනුයි.
අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්වුණා.
කෙසේ වෙතත් මෙම පාවාදීමේ ප්‍රකාශය සම්බ්නධයෙන්  සාක්ෂි ඉදිරිපත් කරන්නැයි එම තරගයට ක්‍රීඩා කළ මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ඉල්ලා තිබුණා.
අදාළ ප්‍රකාශය මේ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද අවධානයට ලක්කර තිබෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.