2017 දී ලෝකයේ සිදුවූ විශේෂ සිදුවීම් මෙන්න

2017 වසර තුල ලෝකයේ සිදුවූ විවිධ ආකාරයේ වැදගත් පුවත් එකතුවයි මේ.

ජනවාරි

  • ඉස්තාන්බුල් නගරයේ සමාජ ශාලාවකට එල්ල කළ ප්‍රහාරයකින් තිස්නමයක් මියයයි.
  • කොසෝවෝ හිටපු අගමැති ප්‍රංශයේදී අත්අඩංගුවට පත්වෙයි.
  • ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ‍පෝට් ලවුඩඩේල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්තයේදී පස්දෙනෙක් වෙඩි  තබා ඝාතනය කරයි.
  • පෘතුගාල ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හැදින්වෙන එරට හිටපු ජනපති මරියෝ සෝඒරස් මියයයි.
  • ඝානාවේ නව ජනපති දිව්රුම් දෙයි.
  • ඉරානයේ හිටපු ජනපති රෆ්සන්ජානි මියයයි.
  • ලා ලා ලෑන්ඩ් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙ‍ලේ වැඩිම සම්මාන දිනා වාර්තා වක් තබයි.
  • සඳ මත ගමන් කළ අවසන් මිනිසා වූ ජීන් සර්නන් මියයයි.
  • නයිජීරියාවේ ගුවන් හමුදා ප්‍රහාරයකින් සරණාගත කඳවුරක පනස් දෙකක් මියයයි.
  • ඇමෙරිකාවේ හතළිස්පස්වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දෙයි.

පෙබරවාරි

  • ඉන්දියාව චන්ද්‍රිකා එකසිය හතරක් ගුවන් ගතකොට වාර්තාවක් තබයි.
  • මෙල්බර්න් නගරයේ ගුවන් අනතුරකින් පහක් මියයයි.
  • හොංකොං හිටපු නායකයාට මාස විස්සක සිර දඬුවමක් හිමිවෙයි.
  • වියදම් අධික මංගල උත්සව කාශ්මීරය තහනම් කරයි.
  • සිරියාවේ මෝටර් රිය බෝම්බයකින් හතළිස් එකක් මියයයි.
  • ලොව වැඩිම කලක් සිරගතව සිටි මාධ්‍යවේදියා ලෙස සැලකෙන උස්බෙකිස්ථානයේ මුහම්මඩ් බෙකානොව් වසර දහඅටක් සිරගතව සිට නිදහස ලබයි.
  • චිලියේ ජල හිඟයෙන් මිලියන ගණනක් පීඩා විඳියි.
  • මොසුල් වැසියන් දෙදහස් පන්සියයක් නගරයෙන් පලායති.
  • ඇෆ්ගනිස්ථානයේදී තාලිබාන් සාමාජිකයන් කළ වෙඩි තැබිමකින් ‍පොලිස් නිලධාරීන් දහතුන් දෙනෙකු මියයයි.

මාර්තු

  • මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට එන අනවසර සංක්‍රමණිකයන්ගේ සියයට හතළිහක අඩුවීමක් වාර්තා වෙයි.
  • ගෝතමාලාවේ ළමා නිවාසයක ගින්නෙන් විසි එකක් මියයයි.
  • බලයෙන් පහකළ දකුණු කොරියානු ජනපතිනිය අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ පැවැත්වෙයි.
  • ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබාහි කුණු කන්දක් කඩාවැටීම හේතුවෙන් ඊට යටවී හතළිස් අටදෙනෙකු මියයයි.
  • නෙදර්ලන්ත මැතිවරණයෙන් අගමැතිගේ පක්ෂයට ජය හිමිවෙයි.
  • සිව්දෙනකුට මරු කැඳවමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ප්‍රහාරයක් සිදුවෙයි.
  • රුසියාවේ විපක්ෂ නායක අත්අඩංගුවට පත්වෙයි.
  • ඔස්ට්‍රේලියාවට කඩාවැදුණු ඩෙබි සුළි සුළඟින් විශාල දේපළ හානියක් සිදුවෙයි.
  • තුර්කිය සිරියාවේ හමුදා ක්‍රියාකාරකම් නවත්වයි.
  • රිය අනතුරකින් ටෙක්සාස් ප්‍රාන්තයේ දහතුනක් මියයයි.

අප්‍රේල්

  • සිරියාවේ රසායනික අවි ප්‍රහාරයකින් දහඅටක් මියයයි.
  • කාශ්මීර අතුරු මැතිවරණය අතරේ සිදුවූ අරගලවලින් හයදෙනෙකු මියයයි.
  • කැලිෆෝනියාවේ පාසලක වෙඩි තැබිමකින් තිදෙනෙක් මියයයි.
  • ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන් කළ බසයට ප්‍රහාරයක් එල්ල වෙයි.
  • සිරියාවේ බෝම්බයක් පිපිරීමෙන් හතළිස්පහක් මියයයි.
  • ලොව වයස්ගතම පුද්ගලයා වූ ඉතාලියේ එමා මොරානෝ වයස අවුරුදු 117 දී මිය  යයි.
  • ජනමත විචාරණයේදී තුර්කි ජනතාව වත්මන් ජනපතිට පක්ෂව ඡන්දය දෙයි.
  • ඇමෙරිකාවේ කැලිෆෝනියාවේදී කළු ජාතිකයකු කළ වෙඩි තැබිමකින් සුදු ජාතිකයන් තිදෙනෙක් මියයයි.
  • ඕස්ට්‍රේලියාව පුරවැසිභාවය ලබාදීමේ නීති දැඩිකරයි.
  • කියුබාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අටක් මියයයි.

මැයි

  • ප්‍රංශ ජනපතිවරණයෙන් එමෑනුවෙල් මැක්රොන්ට ජය හිමිවෙයි.
  • ලොව පුරා රටවල් එකසිය පනහක පරිගණක යන්ත්‍ර 200,000 කට හානි සිදුකරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි.
  • ප්‍රේමය වෙනුවෙන් ජපන් රජ කුමරියක් කිරුළට ඇති අයිතිය අත්හරියි.
  • ඉරාන  ජනපතිවරණයෙන් ජනපති හසන් රවුහානි නැවත ජය ලබයි.
  • වෙනිසුවෙලා ජනපතිට එරෙහි විරෝධතාවලින් හතළිස්අටක් මියයයි.
  • කේට් කුමරියගේ සොයුරිය පිපා විවාහවෙයි.
  • සුපිරි ගායිකා ඒරියානාගේ සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන  ප්‍රහාරයකින් විසිදෙකක් මියයයි.
  • ඇමෙරිකානු ජනපති බටහිර ඉවුරේදී පලස්තීන නායකයා හමුවෙයි.
  • ඉන්දියාවේ බස් රථ අනතුරකින් විසිඑකක් මියයයි.
  • ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාමින් ජනප්‍රිය වූ ප්‍රවීණ හොලිවුඩ් නළු රොජර් මුවර් මියයයි.

ජුනි

  • හයදෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් පාලම මත ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙයි.
  • පැරිස් දේශගුණික ගිවිසුමින් ඇමෙරිකාව ඉවත් වෙයි.
  • ඉරාන පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වෙයි.
  • මියන්මාරයට අයත් හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ එකසිය විසිදෙදෙනා මියයයි.
  • ඉන්දියාවේ ගිනිකෙළි කම්හලක පිපිරීමකින් විසිතුනක් මියයයි.
  • ප්‍රංශ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවෙයි.
  • චීනය වෙනුවෙන් තායිවානය සමග සබඳතා පැනමාව අත්හරියි.
  • පැනමාවේ හිටපු ජනපති ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගනියි.
  • ලන්ඩනයේ ගොඩනැගිල්ලක ගින්නකින් හැත්තෑවක් මියයයි.
  • චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ගම්මානයක සිදුවූ භූමිකම්පාවෙන් අනූදෙනෙක් අතුරුදහන් වෙයි.

ජුලි

  • මෙක්සිකෝවේ වෙඩි තැබිමකින් දහහතරක් මියයයි.
  • ලැව්ගිනි එකසිය අසූවක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රදේශයේ පැතිරෙයි.
  • තුර්කි ජනපතිට විරෝධය පා උද්ඝෝෂණ කෙරේ.
  • ඇමෙරිකාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දහසයක් මියයයි.
  • කාශ්මීරයේ සිදුකළ ප්‍රහාරයකින් හින්දු වන්දනාකරුවන් හතක් මියයයි.
  • බ්‍රසීලයේ හිටපු ජනපතිට වසර නමයහමාරක සිර දඬුවමක් හිමිවෙයි.
  • සෙනෙගාලයේ පාපන්දු ක්‍රීඩාංගණයක අනතුරකින් අටක් මියයයි.
  • මෙක්සිකෝවේ හිටපු ආණ්ඩුකාරවරයා ගෝතමාලාවෙන් පිටුවහල් කරයි.
  • ඇෆ්ගනිස්ථානයේ හත්දෙනෙක් තාලිබාන්වරුන් අතින් ඝාතනය වෙයි.

අගෝස්තු

  • ඇමෙරිකාව වෙනිසුවෙලා නායකයාට සම්බාධක පනවයි.
  • සමලිංගික විවාහ සඳහා ඕස්ට්‍රේලියාවේ සහයෝගය වැඩිවී ඇති බව වාර්තා වෙයි.
  • උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබෙයි.
  • කෙන්යා මැතිවරණයේදී උහුරු කෙන්යාටා ජය ලබයි.
  • චීනයේ සිචුආන් ප්‍රදේශයේ දරුණු භුමිකම්පාවකින් දහතුන් දෙනෙකු මියයයි.
  • තාලිබාන් අත්අඩංගුවේ සිටි ප්‍රාණ ඇපකරුවන් දෙසිය තිස්පහක් නිදහස් කරයි.
  • ඇමෙරිකාව කියුබානු තානාපති නිලධාරීන් දෙදෙනෙක් නෙරපයි.
  • බර්කිනා පාසෝ රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් දහහතක් මියයයි.
  • සියරා ලියෝන්හි අගනුවර තුන්සියයකට මරු කැඳවමින් නායයෑමක් සිදුවෙයි.
  • නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විසිහතක් මියයයි.

සැප්තැම්බර්

  • මුම්බායේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිස්තුනක් මියයයි.
  • හාවි සුළි සුළඟ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි විනාශයක් සිදුකරයි.
  • තමාට එල්ල කරන ප්‍රහාර හමුවේ රොහින්ගියා මුස්ලිම්වරු  මියන්මාරයේ සිට බංග්ලාදේශය බලා පලායයි..
  • ඉර්මා සුළිකුණාටුව කැරිබියන් දුපත් වනසයි.
  • සිරියාවේ රසායනික පද්ධතියකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වෙයි.
  • මෙක්සිකෝවට බලපෑ දරුණු භුමිකම්පාවෙන් හැටපහක් මියයයි.
  • උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් නව සම්බාධක පැනවෙයි.
  • නෝර්වේ මහමැතිවරණයෙන් පාලක පක්ෂය ජය ලබයි.
  • සිංගප්පූරුවේදී නැව් දෙකක් ගැටී පහක් අතුරුදන් වෙයි.

ඔක්තෝබර්

  • ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැති ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබිමකින් පනස්අටක් මියයයි.
  • කාශ්මීරයේ හමුදා කඳවුරකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙයි.
  • නයිජර් රාජ්‍යයේදී ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙක් ඝාතනය කරයි.
  • ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක හාවී වෙයින්ස්ටේන්ට ලිංගික අපචාර චෝදනා එල්ල වෙයි.
  • රොහින්ගියා සරණාගතයන් ගිය බෝට්ටුවක් පෙරළී දොළහක් මියයයි.
  • පහළොස්දෙනකුට මරු කැඳවමින් කැලිෆෝනියාවේ ලැව්ගිනි පැතිරෙයි.
  • උතුරු කොරියානු සම්බාධක උල්ලංඝනය කරන නැව්වලට එක්සත් ජාතීන් තහනම් නියෝග පනවයි.
  • ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් අධිකරණයට කැඳවයි.

නොවැම්බර්

  • නිව්යෝර්ක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අටක් මියයයි.
  • ඕස්ට්‍රේලියාවේ අයර්ස් රොක් නැගීම 2019 සිට තහනම් කරයි.
  • ටෙක්සාස්හි දේවස්ථානයක වෙඩි තැබිමකින් විසිහයක් මියයයි.
  • මහ රැජින ඇතුළු ධන කුවේරයන්ගේ නීතිවිරෝධී බැංකු ගිණුම් ගැන තොරතුරු හෙළිවෙයි.
  • කාබුල්හි රූපවාහිනී ආයතනයක වෙඩි තැබිමෙන් එක් අයෙක් මියයයි.
  • සිඩ්නි නගරයේ පාසලකට මෝටර් රියක් කඩා වැදීමෙන් ළමුන් දෙදෙනෙක් මියයයි.
  • ඉරාකයෙන් සමූහ මිනීවළවල් කිහිපයක් හමුවෙයි.
  • ඕස්ට්‍රේලියාවේ ජනමත විචාරණයකින් සමලිංගික විවාහයන්ට අනුමැතිය ලැබෙයි.
  • ග්‍රීසියේ ගංවතුරින් පහළොවක් මියයයි.
  • බාලි ගිනිකන්ද ගැන පිපිරී යා හැකි බවට ගුවන් සේවාවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

දෙසැම්බර්

  • ජර්මනියේ ‍පොලීසිය හා පැසිස්ට් විරෝධීන් අතර ගැටුම් ඇතිවෙයි.
  • ට්‍රම්ප්ගේ ගමන් තහනමට අධිකරණයේ සහය ලැබෙයි.
  • ඇමෙරිකාව පළමුවරට ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනියි.
  • වෙනිසුවෙලා විපක්ෂයට ජනපතිවරණය තහනම් කරයි.
  • දකුණු කැලිෆෝනියාවේ එතෙක් මතෛක් ඇතිවූ දරුණුතම ලැව්ගින්න පැතිරෙයි.
  • ජනප්‍රිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කොහ්ලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා
  • ෂර්මා ඉතාලියේදී විවාහ වෙයි.
  • චිලියේ ගමක් නායයාමකින් වැනසෙයි.
  • ඉන්දියාවේ ගුජරාතයේ මැතිවරණයෙන් පාලක පක්ෂය ජය ලබයි.
  • ඇමෙරිකාවේ දුම්රිය පීලිපැනීමකින් තිදෙනෙක් මියයයි.
8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.