රාජිත, අර්ජුන, අනුර සාක්ෂි නොදී පිටව යයි

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමකින් තොරවම පිටව ගොස් තිබෙනවා.

ඒ, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධියට අදාළව තමන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේ කුමන පදනමකින්දැයි කොමිෂන් සභාව තමන්ට දැනුම්දී නොමැති බව පවසමින්.

ඇවන්ගාඩ් සිද්ධියේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ, කොමිසමේ ක්‍රියාකලාපයට එරෙහිව වාචිකව කොමිසම හමුවේ විරෝධතාවක් ගොනු කරන බවයි.

අවශ්‍යවුවහොත් තමාට සහය ඉල්ලා ඉහළම අධිකරණයකට කරුණු ඉදිරිපත් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.