හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම්

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි.

නමුත් අවසරය හිමිවන්නේ කොපමණ සංඛ්‍යාවකට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙන අතර කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මෙවර හජ් වන්දනාව අත්හිටුවනු ඇති බවට මිට පෙර මත පලවී තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.