ලීසිං අක්‍රමිකතා ගැන පැමිණිලි භාරගැනීම 30 වනදා දක්වා

මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම 30 වන අඟහරුවාදා දක්වා සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම ත්‍රිපුද්ගල කමිටුව සඳහන් කළේ, ඒ සඳහා මහජනතාවට මෙන්ම මුල්‍ය සමාගම්වලට අවස්ථාව ලබා දී ඇති බවයි.

අදාළ කමිටුව වෙත පැමිණිලි කිරීමට dlcd@cbsl.lk සහ dsnbfi@cbsl.lk යන විද්‍යුත් ලිපියනයන්ට යොමු කළ හැකියි.

අධ්‍යක්ෂ, බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මගින් ද පැමිණිලි යොමු කිරීමට අවස්තාව ලබාදී තිබෙනවා.

එම කමිටුව ප්‍රකාශ කළේ, මහ බැංකුවේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යනු ලබන කල්බදු මුල්‍ය සමාගම් සහ මුල්‍ය ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.