කරුණාගෙන් ප්‍රකාශ ගන්න CIDය අද අම්පාරට හා මඩකලපුවට

කරුණා අම්මාන් සිදුකළ ප‍්‍රකාශක් පිලිබද විමර්ෂණය සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් අම්පාර සහ මඩකලපුව ප‍්‍රදේශවලට අද (24) පිටත්ව යන බව පොලිිසිය සදහන් කළා.

දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (23) දිනයේදී පෙනී සිටින ලෙසටයි ඔහුට දැනුම් දුන්නේ. එහෙත් අසනීප තත්වයක් හේතුවෙන් පැමිණිය නොහැකි බවයි කරුණාඅම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

කරුණා අම්මාන් සිදුකර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජයට වගකීමක් භාරගත නොහැකි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළා.

අදාල ප‍්‍රකාශය පිලිබදව විමර්ෂණය කර කරුණු හෙළිකර ගැනීම වඩාත් යෝග්‍ය බවයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.