පකිස්ථාන ගුවන් අනතුරේ සැඟවුණු රහස් හෙළිවෙයි

ජීවිත 97ක් බිලිගනිමින් පසුගියදා පකිස්ථානයේ සිදුවූ ගුවන් අනතුර යාන්ත්‍රික දෝෂයක් නොවන බව තහවුරුව තිබෙනවා.
එය ගුවන් නියමුවන්ගේ හා ගුවන් පාලක මැදිරියේ සංඥා සම්බන්ධ ගැටලුවක් බවයි පකිස්ථානයේ ගුවන් කටයුතු පිළිබද අමාත්‍ය ගුලාම් සර්වර් කාන් අනාවරණ කළේ.
ඒ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව අනාවරණ කරමින්.
ගුවන් නියමුවන් අනතුර සිදුවන විටත් කොරෝනා අවදානම පිළිබද සාකච්ජා කරමින් සිටි බවද හෙලිව තිබෙනවා.
ඉකුත් මැයි 22වනදා සිදුවූ මෙම අනතුරෙන් දෙදෙනකු පමණක් දිවි බේරාගත්තා.
යානය ගොඩබැස්වීමට සූදානම්වත්දී එහි එක් එන්ජිමක් බරපතල ලෙස හානියකට ලක්ව තිබුණද ගුවන් පාලක මැදිරිය ඒ බව නියමුවාට දන්වා නැහැ.
එසේම යානය ගොඩබෑමට අදාළ ලීවරය නියමුවා විසින් නිසි පරිදි භාවිතා කර නොමැති බවද මෙම පරීක්ෂණයේදී හෙලිව තිබෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.