අයි එස් නායකයා ගැන ඔත්තුවකට දෙන තෑග්ග වැඩි කරයි

අයි එස් ත්‍රස්ත නායක අමීර් මොහොමඩ් අබ්දුල් රහමාන් අල් මවුලි පිළිබද ඔත්තවක් ලබාදෙන්නකුට ලබාදෙන ත්‍යාග මුදල අමෙරිකාව විසින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඩොලර් මිලියන 10ක් දක්වා එම ත්‍යාග මුදල වර්ධනය කර තිබුණා.
මෙතෙක් ඒ වෙනුවෙන් යෝජනා කර තිබුනේ ඩොලර් මිලියන 5ක් පමණයි.
හිටපු අයි එස් නායක අබු බකර් අල් බැග්ඩාඩිගෙන් පසුවයි සැකකරු අයි එස් නායකත්වයට පත්වුණේ.
එහෙත් ඔහු පිළිබද ප්‍රමාණවත් තොරතුරු මෙතෙක් ලබා ගැනීමට හැකියාව ලැබී නැහැ.
එහෙත් අයි එස් නායකයා ලිබියාව වැනි රටක සැඟවී සිටිය හැකි බවටයි විශ්වාසය පලවන්නේ.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.