MCC ගිවිසුම ගැන ඇගයීම් වාර්තාව අද ජනපති අතට

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ඒ එම ගිවිසුම අධ්ය්‍යනයට පත් කළ කමිටුවේ සාමාජිකයන් විසින්.
අදාළ වාර්තාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නා.
MCC ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව එම කමිටුව පත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි.
විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මාස 6 ක අධ්‍යයනයකින් පසු කමිටුව මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
එය අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.