අමතක වෙන කොරෝනා මැද ඩෙංගුත් අමතක වෙයිද ?

කොරෝනා වසංගතය පිළිබද පැවැති දැඩි අවදානය සමාජය තුලින් ක්‍රමයෙන් පහව යන බවක් පෙනෙන්නට තිබේ.
ඒ පොදු සමාජයේ කටයුතු සදහා සහභාගවීමේදී ඇතැමුන් මුව ආවරණයක් හෝ පැළදීමෙන් වළකින බව පෙනෙන්නට ලැබීම මතය.
ලංකාව කොරෝනා වෛරසයෙන් බොහෝ දුරට නිදහස ලබා ඇතත් සමාජය යළිත් එවන් අවදානමකට නිරාවරණයවීමේ අවදානම පවතින බව විශේෂඥයන් විසින්ද පෙන්වා දෙනු ලබයි.
කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ දකුණු කොරියාව , ජර්මනිය මෙන්ම වෛරසයේ නිජබිම ලෙස නම් කළ චීනයද කොරෝනා පළමු රැල්ලෙන් මිදී දෙවන රැල්ලකටද ගොදුරු වෙමින් සිටී.
එවන් තත්ත්වයකදී කුඩා රටක් වන ශ්‍රී ලංකාව පළමු අදියර ජය ගැනීම සාර්ථක වුවද අනාරක්ෂිතව කටයුතු කරන්නේ නම් දෙවන රැල්ලක් වැනි අවදානමක් මෙරටට දරා ගැනීම අසීරු විය හැකිය.
එබැවින් ඉතා ඉක්මනින් සියල්ල අමතක කිරිමේ රෝගය සුව කර ගැනීමට ලාංකිකයන්ට කාලය උදාවී ඇත්තේ එම තත්ත්වය මතය.
මේ අතර වසරේ ගත වූ කාල සීමාව තුළ දී ඩෙංගු රෝගය ද ලංකාවට බලපෑම් එල්ල කරමින් පවතී.ඒ අනුව මාස 6ක් තුල පුද්ගල මරණ 23ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 21012 දෙනෙකු වාර්තා වී තිබේ.
එබැවින් කොරෝනා මැද ඩෙංගු අමත කිරීම හෝ කොරෝනාවද ඉක්මනින් අමතක කිරීම අවදානම්ය.
ඒ අවදානම නොතකන සෑඹ අවස්ථාවක්ම සමාජයට බරපතල අවදානම් නිර්මාණය කරන හෙයිනි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.