සයිබර් ප්‍රහාරය පරදා ලංකා ඒ නිවුස් යළි යථා තත්ත්වයට

ලංකා ඒ නිවුස් ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඊයේ දිනයේ පැය නවයක කාලයක් අක්‍රීයවී පැවතුණා.
ඊට හේතුවූයේ කිසියම් පාර්ශවයක් විසින් අප වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමයි.පස්වරු 3යි 32ට පමණ එම ගැටළුකාරී තත්ත්වය මතුවූ අතර අයි පී ලිපින 5ක් යොදා ගනිමින් මෙය සිදුකර තිබුණා.
එම ගැටළුව අප විසින් හදුනාගන්නා විට වෙබ් අඩවියේ මුල් පිටුව තුල හැකර්වරයකුගේ ජායාරූපයක් හා විනාඩි 3ක හඩ පටයක් රදවා තිබූ අතර ප්‍රවෘත්ති රැසක්ම චීන භාෂාවට හරවා තිබුණා.එය ගුගල් සර්ච් තුල එම ප්‍රවෘත්ති සටහන් වූයේ මේ ආකාරයටයි.

කෙසේ වෙතත් අදාළ විශේෂඥයන්ගේ තාක්ෂණික උපදෙස් මත ඊයේ දිනය තුලම ලංකා ඒ නිවුස් වෙබ් අඩවිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අප සමත්වූ අතර වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.මෙම ගැටළුව අවස්ථාවේ අප වෙත විවිධ තොරතුරු ලබාදෙමින් සහාය වූ ලංකා ඒ නිවුස් නරඹන ඔබ සැමට අපගේ ස්තුතිය.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.