සංවිධානාත්මක අපරාධකරුවකු පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් මරුට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු ගම්පහ , මල්වතුහිරිපිටියේදී අද අලුයම පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ,  පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවල පිටියේ සම්පත් නමැත්තා මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.

මොහු ගනේමුල්ලේ සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රිවෝල්වරයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.