බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ ආහාර වර්ජනය නිමයි

බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය නතර කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් එම රැදවියන්ට කරුණු පැහැදිලි කරදීමෙන් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන වෙලේ සුදා සහ ඛංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් පිරිසක් පසුගියදා මෙම ආහාර වර්ජනය ආරම්භ කළා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන්ට කරුණු පැහැදිලිකර දීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා.

ඉන් පසුව මෙම වර්ජනය අත්හැර දමමින් ආහාර ලබාගැනීමට අදාළ රැදවියන් පිරිස තීරණය කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ.

 

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.