කොරෝනා ආසාදිතයන් කෝටිය පනී / මරණ ලක්ෂ 5යි

ලෝකය පුරා වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් ගණන කෝටියක් ඉක්මවා තිබෙනවා.
ඒ සමග මේ වන විට වාර්තාවන මරණ සංඛ්‍යාව ලක්ෂ 5ක් දක්වා ඉහළ ගිය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මෙය මෑත ඉතිහාසයේ ලෝකය මුහුණ දුන් බරපතලම ඛේදවාචකය ලෙසයි සැලකෙන්නේ.
මේ වන විට දෛිනකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ එකහමාර ඉක්මවනු ලබනවා.
දිනපතා වාර්තාවන කොරෝනා මරණ ගණණ 5,000 කට අධිකයි.
කෙසේ වෙතත් ආසාදිතයන්ගෙන් හරි අඩක් මේ වන විට යළි සුවය ලබා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පවසන්නේ.
ලෝකයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගෙන් මිලියන දෙකහමාරක් අමෙරිකානුවන්.
රට තුල සිදුවූ කොරෝනා මරණ ගණන 128,000 ක්.
දෙවනි වැඩිම කොරෝනා මරණ බ්‍රසීලයෙන් වාර්තාවන අතර එම අගය 57,000 ක් ඉක්මවනවා.
එරට ආසාදිතයන් ගණන මිලියන 1.3ක්.

වෛරසය පරදන එන්නතක් නිර්මාණය සදහා මේ වන විටත් ලෝකයේ පර්යේෂණාගාර 200ක අත්හදා බැලීම් සිදුකෙරෙනවා.
ඒ අතරින් එන්නත් 10ක් 3 වන අධියරට එළඹ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ එන්නත සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් මේ වන විට මතුව තිබෙනවා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.