හැකිනම් 113ක් ගන්න / මරික්කාර් රජයට කියයි

එජාපය දෙකට මැද්දෙන් කැඩිලා. දෙගොල්ලො දෙගොල්ලන්ට අභියෝග කරනවා. ඇත්තටම සටන තියෙන්නේ දෙගොල්ලො අතරද?

(කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනබලවේගය අපේක්ෂක එස්. එම්. මරික්කාර්) අපි එජාපයෙන් අයින් වෙලා නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගත් තීරණයකට අනුව සංවිධානයක් හැදුවා. ඒකට අනුගත නොවුණු සුළුතර කණ්ඩායමක් වෙනම ඉල්ලනවා. අපේ අභියෝගය තියෙන්නේ අන්න ඒ සුළුතර කණ්ඩායමත් එක්ක නෙවෙයි. අපිට අභියෝගය තියෙන්නේ ආණ්ඩුවත් එක්ක.

එජාපයේ ඇතැම් නායකයන් කියනවා ඔය ගිය අය එන්න හදනවා ඒ ගිය අයව ගන්නෙ නෑ කියලා.

එතන ඉන්න සුළුතර කණ්ඩායම මොන වගේද කියලා ඔබත් දන්නවා. මේ රටේ මිනිස්සුත් දන්නවා. ඒ අයට තියෙන ප්‍රතිරෑපය මේ රටේ ජනතාව දන්නවා. ඇත්තටම මේ සාකච්ඡාවෙදී ඒ අය ගැන කතා නොකර රටේ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරමු.

මැතිවරණය සම්බන්ධයෙන් ඔබේ පක්ෂය විවිධ ක්‍රියාමාර්ග ගත්තා මේ වසංගතය නිසා. ඒත් ඒ හැමදේම යට ගිහින් මේ වෙනකොට මැතිවරණය තියන්න යෝජනා කරලා තියෙනවා. ඔබලා මැතිවරණයට තියෙන බය නිසයි මෙහෙම එරෙහිව වැඩ කරන්නේ කියලා ආණ්ඩුවෙන් චෝදනා තියෙනවා.

අපි එහෙම කිසිම මැතිවරණයකට බයක් නෑ. අපි මැතිවරණයකට ලෑස්තියි. අපි කිව්වේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් කොළ එළියක් එනකම් මැතිවරණය කල් දාන්න කියලා. ජනතාවට සුපුරැදු පරිදි වැඩකටයුතු කරන්න බැරිනම් ඒ වගේ මොහොතක ඡන්දෙ තියන එක හරිම අසාධාරණයි. විශේෂයෙන් මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. අද විපක්ෂයට නිල නොවන තහංචි දාලා තියෙන්නේ. රජයේ මාධ්‍ය නෑ. ඇතැම් පෞද්ගලික මාධ්‍ය පවා ආණ්ඩුවට හිතවත්. ආණ්ඩුව තම බලය යොදලා මැතිවරණ ව්‍යාපාර කරනවා. එහෙම මොහොතක කොහොමද ස්වාධීන මැතිවරණයක් පවත්වන්නේ. අපිට ඉතුරැ වෙලා තියෙන තැන තමා බිම් මට්ටම. මේ වෛරසයත් එක්ක ඒකත් අවදානමක් තියෙනවනම් එතන කොහෙද සාධාරණ මැතිවරණයක්?

ආණ්ඩුව කියනවා ඊළඟ මැතිවරණයෙන් 2/3ක් ගන්නවා කියලා. මොකද හිතන්නේ?

මම දැක්කා මේ ළඟදි ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණා ආසන 120ක් ගන්න පුළුවන් කියලා. මම ඔවුන්ට කියනවා 120 ඕන නෑ 113 ගන්න ට්‍රයි කරන්න කියලා. මේ ආණ්ඩුව බොරුවෙන්ම ඇවිත් බොරැවෙන්ම ජීවත් වන බව ජනතාව දන්නවා. ඒ නිසා ආණ්ඩුව බොරුවෙන්මයි පරාජය වෙන්නේ.

ආණ්ඩුව කියන්නෙනම් මේ ආර්ථික අවුලට හේතුව ගිය ආණ්ඩුවේ ආර්ථික අවුල කියලා.

දැන් ඒ අය කිව්වනේ වැඩ්ඩො ඉන්නවා අපිට කරන්න පුළුවන් කියලා. ආර්ථික ඔස්තාද්ලා ඉන්නවා කිව්වනේ. එතකොට අපි ආර්ථික කෑවා කියලා දැනගෙනනෙ මෙයාලා ආර්ථිකය ගත්තේ. මේ ආණ්ඩුව ඇවිත් මාස 6කුත් පහුවෙලා. කරපු කෙංගෙඩියක් නෑනේ. කරපු එකම දේ තමයි මිනිස්සු ආර්ථික වශයෙන් වට්ටලා තියෙන එක. ඒ වගේම ජාතිවාදය වපුරන එක.

කොළඹ කියන්නේ එජාපයේ කඳවුර වගේ තැනක්. ඒ කඳවුර දෙකට බෙදිලා මේ පාර ඉල්ලනවා. ඇත්තටම මේ පාර කාටද දිනන්න පුළුවන්?

අනිවාර්යයෙන්ම අපි කොළඹ දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස මහත්මයගේ නායකත්වයෙන් අපි දිනනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.