වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්නැයි ඉල්ලීමක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට ලබාදීමට මෙම රජය ද සුදානම් වන බවට සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කරනවා.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පෙන්වා දෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ය ඉන්දියාවට ලබාදීමට පසුගිය රජය කටයුතු කළ බවයි.
එම අවස්ථාවේදී විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව එය ලබාදීම දැඩිව විවේචනය කළ බව පෙන්වා දෙන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කරන්නේ ඔවුන් ද එම කටයුත්ත සිදු කිරීමට සුදානම් වන බවයි.
මේ සම්බන්ධයෙන් වරාය සේවකයින් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් අද උදෑසන සිදු කළ අතර එහිදීයි මෙම අදහස් පල කෙරුණේ.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.