

මුදල් විශූද්ධිකරණය හා ත්‍රස්තවාදය සම්බන්ධ අළු ලයිස්තුවෙන් පකිස්ථානය ඉවත් කිරීම ප්‍රමාදවිය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ පකිස්ථානය එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට සලකා බලමින් පැවතියදී හිටපු දුම්රිය ඇමති ෂෙයික් රෂීඩ් අහමඩ් පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරයට පත් කිරීමයි.
ඔහු ත්‍රස්ත සංවිධානවලට අනුග්‍රහය දක්වන්නකු බවට චෝදනා ලැබ සිටින අතර 2008 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට විවිධ අනුග්‍රහ ලබාදී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
ඒ අනුව මෙම චෝදනා සහිත පුද්ගලයකු රටේ ප්‍රධාන ධූරයකට පත්කිරීම සමග පකිස්ථානය අළු ලයිස්තුවෙන් ඉවත් කිරීමට බාධා මතුවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476