පාස්කු ප්‍රහාරයේ තවත් තොරතුරු හෙලිවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් එවා තිබූ පූර්ව දැනුම්වත් කිරීමේ ලිපිය කෙරෙහි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ක්‍රියා කර ඇත්තේ සරල අපරාධයක දී මෙන් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ කීර්ති ගජනායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද කැඳවා තිබුණේ 2003 වසරේ සිට 2011 දක්වා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වු විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතායි. රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර හුවමාරු වී තිබූ පූර්ව දැනුවත් කිරීමේ ලේඛණ මෙහිදී සාක්ෂි කරුට පෙන්වා සිටියා.

එවක ජාතික බුද්ධී ප්‍රධානී සිසිර මෙන්ඩිස් එවක පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත එවා තිබූ ලිපිය පළමුව පෙන්වනු ලැබූ අතර එහි ඇතුළත් වූ ” Eyes Only ” යන්නේන් කුමක් පවසා ඇත්ද යන්න විමසනු ලැබුවා.ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ අතිශ්‍ය රහසිගත තොරතුරක් නිශ්ව්හිතවම එක් පුද්ගලයකු වෙත යොමු කරන ලිපියක එලෙස Eyes Only ලෙස සලකුණු කරන බවයි.

එවැනි සටහනක් ඇතුළත්ව ලිපියක් ලැබුනේ නම් එහි අන්තර්ගතය උපුටා දක්වමින් තවත් ලිපියක් සකස් කිරීම පමණක් සිදුකළ යුතු අතර තමන්ට ලද ලිපිය එම අවස්ථාවේදීම විනාශ කළ යුතු බවද සාක්ෂිකරු වැඩිදුරත් සදහන් කළා. එමෙන්ම තම සේවා කාලය තුළ Eyes only ලෙස සටහන් තබමින් ලිපි යොමු කර ඇත්තේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්ට පමණක් බවද ඔහු සඳහන් කළා.මෙහිදී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරයා විසින් අදාළ ලිපියෙහිම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් යොදා තිබූ “FNA” හෙවත් for necessary action යන යෙදුම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

සාක්ෂිකරු එහිදී සදහන් කළේ, තම අත්දැකීම අනුව මෙවන් වටිනා බුද්ධි තොරතුරක් අන්තර්ගත වූ ලිපියෙහි for necessary action යන්න කිසිසේත් සදහන් කළ යුතු නොවන බවයි.සාමාන්‍යයෙන් එම යෙදුම පොලිස් දෙපාර්තමේන්තුව තුළ අතිශය සුලබව භාවිත වන බවත්  වැඩිවශයෙන් සරල හා සුලු අපරාධවලදී මෙම යෙදුන වැඩිවශයෙන් භාවිත කරන බවත් සාක්ෂිකරු සඳහන් කළා.එම යෙදුම නිසා මෙවන් වටිනා සහ සංවේදී රහසිගත බුද්ධි තොරතුර අවතක්සේරුවට ලක්කර ඇති බවද සාක්ෂිකරු වැඩිදුරත් සඳහන් කළා.

මෙවැනි තොරතුරක නිශ්චිත හෝ අවිනිශ්චිතබව සෙවීමට වඩා ප්‍රහාරය සිදුවිය හැකිනම් එය වළක්වා ගැනීමට කටයුතු කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත් පූජිත් ජයසුන්දර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවා සිදුකර නොතිබූ බවද සාක්ෂිකරු සදහන් කළා.කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ” තවදුරටත් රහසිගතව පරීක්ෂණ  කෙරෙමින් පවතී ” ලෙස සදහන් වීමෙන් මුල් බුද්ධි තොරතුරට හානියක් වී ඇත්ද යන්නයි.එහිදී සාක්ෂිකරු පැවසුවේ මෙම ලිපිය ලැබෙනවිටත් මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රවය තොග සොයාගැනීම ආදී කටයුතුවලට සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබී ඇතත් පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ඔහුගේ නම් පමණක් ඇතුලත් කර ඉහත කී සිද්ධීන් ගැන සදහන් කර නොතිබීමද මෙහි අඩුපාඩුවක් ලෙස හදුනගත හැකි බවයි.එම තොරතුරු තර්කානුකූලව ගලපා සෙසු නිලධාරීන්ට යොමු කළ යුත්තේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් බවත් ඔහු එලෙස සිදුකර තිබුනේනම් පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව පැවති බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.