මහ මැතිවරණයේ ජන්ද ගණන කිරීම අගෝස්තු 6 උදේ 6 සිට

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම හය වනදා උදෑසන 08ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන හමුවේදීයී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මහමැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය 06 වනදා හවස 02 වන විට ලබා දිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ආසන ප්‍රතිඵලය පස්වරු 04 වන විට ලබාදිය හැකි අතර සමස්ථ ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට ලබාදිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අවසන් ප්‍රතිඵලය රාත්‍රී 08 වන විට ලබාදීමට උත්සාහ ගන්නා බවත් අසීරුතා රැසක් පවතින බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.