චීනය හොංකොං වෙත පැනවූ බලහත්කාර නීති ක්‍රියාත්මක කිරීම අරඹයි

හොංකොං හී ජනතාවගේ නිදහස අහිමි කරමින් චීනය පැනවූ නව නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව නව නීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි චීන හිතවාදී හොංකොං පාලිකා කැරී ලැම් පවසන්නේ.
චීනයෙන් ස්වාධීන වීමට හඩ නගන්නන්ට නඩු පැවරීමට සහ විරුද්ධවාදීන් පාලනය කිරීම සදහා මෙම නව නීති හදුන්වාදී තිබුණා.
හොංකොං හී ප්‍රධාන විධායක කැරී ලැම් කියා සිටියේ මෙම නීතිය පසුගිය මාස කිහිපය තුළ නගරයේ ඇති වූ ව්‍යාකූලත්වය සහ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ තීරණාත්මක පියවරක් බවයි.
මේ යටතේ ස්වාධීනත්වය වෙනුවෙන් හඩ නගන්නන්, ත්‍රස්තවාදයට සම්බන්ධ අය සහ විදේශීය බලවතුන් සමඟ සම්බන්ධ වීම අපරාධයක් ලෙස සළකන අතර එවැනි අපරාධවලට වැරදිකරුවන් වූ අයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදෙනු ලබනවා.
එසේම චීනයට එරෙහි විරෝධතා සිදුකිරීම මෙන්ම පසමිතුරු රටවල ධජ රැගෙනයාමද මේ යටතේ තහනම් බවයි කැරි ලැම් සදහන් කර ඇත්තේ.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.