බැදුම්කර වාර්තාව ගැන ජනාධිපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිඛෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළා. පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ විමර්ශන කොමිසමේ වාර්තාව පළාත් පාලන මැතිවරණවලට පෙර ප්‍රකාශයට පත් නොවනු ඇති බවටයි මීට පෙර වාර්තා පලවුණේ.

කොමිසම මගින් දේශපාලනඥයන් නම දෙනෙකු ඇතුළු ප්‍රධාන චුදිතයන් කිහිප දෙනෙකුම නම් කරමින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.