අමෙරිකාවෙන් දිනක් තුල ආසාදිතයන් 50,000 ක්

ගතවූ පැය 24 තුල අමෙරිකාවෙන් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිත පිරිස වාර්තාවී තිබෙනවා.
එම සංඛ්‍යාව 50,000ක් පමණ වන බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ.
දිනකදී වාර්තාවන ආසාදිතයන් ගණන 100,000 ක් ඉක්මවිය හැකි බවටද එරට සෞඛ්‍ය අංශ පසුගියදා අනතුරු අඟවනු ලැබුවා.
නව ආසාදිතයන් බහුලව වාර්තාවී ඇත්තේ ඇරිසෝදා , කැලිෆෝනියා, ටෙක්සාස් හා ෆ්ලොරීඩා ප්‍රාන්ත තුලිනුයි.
පසුගිය සමයේ පැවැති විරෝධතා ව්‍යාපාර අමෙරිකාවේ ආසාදිතයන් වර්ධනයට මූලික වී තිබෙනවා.
මේ අතර එරට කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම ද ආරම්භ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය දැඩි මතය ඉවත් කර ගනිමින් එම තීරණයට එකඟතාවය පළ කර තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.