චීනය සහ ඉන්දියාව යන රටවල් දෙකම ආසියානු දැවැන්තයන් දෙදෙනකු වන අතර ලොව වැඩිම ජනගහණයක් සිටිනා පළමු සහ දෙවන රටවල් වෙයි. යුද ශක්තිය මෙන්ම ආර්ථික ශක්තියෙන්ද ලොව සුපිරි බලවතුන් ලෙස සැලකෙන මෙම රටවල් දෙක ඉතිහාසයේ කිහිපවරක් සටන් වැද ඇති අතර හිමාලයානු කඳුවැටිය හරහා දිවෙන දේශසීමාවන් සම්බන්ධ මතභේදයන් මෙන්ම ඉන්දියාව විසින් දලයි ලාමාට රැුකවරණ සැලසීම වැනි දේශපාලනික කාරණාද ඒ සඳහා හේතුකාරක වී තිබේ. කොවිඞ් 19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවත් ඉතිහාසය අලූත් කරමින් මේ දිනවල චීන – ඉන්දියා එදිරිවාදිකම් නැවත දලූළමින් තිබෙන ආකාරයක් පෙනෙන්නට ඇති අතර රටවල් දෙකම සුපිරි යුද බලවතුන් වන බැවින් ලොව පුරා මාධ්‍යයන්හි වැඩි අවධානයක් මෙම ගැටුම් කෙරේ යොමුවී ඇති බව පෙනෙන්නට තිබේ.

එදිරිවාදිකමේ ඉතිහාසය

indu21913 චීනයේ ”ක්විං රාජවංශය’’ බිඳවැටීමෙන් පසු ලාසාහි ටිබෙට් රජය සියලූ චීන හමුදා පලවාහැර තමන් ස්වාධීන රටක් ලෙස ප‍්‍රකාශ කළ අතර නව චීන රජය එය පිලිගත්තේ නැත. මේ අතර 1913 දී බි‍්‍රතාන්‍යයන් ටිබෙටයේ තත්ත්වය සාකච්ඡුා කිරීම සඳහා සමුළුවක් පැවැත්වූ අතර එය ඉන්දියාවේ ‘‘සිම්ලා’’හිදි චීනය, ටිබෙටය සහ බි‍්‍රතාන්‍යයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. (මේ වන විට ඉන්දියාව බි‍්‍රතාන්‍යයන්ගේ පාලනය යටතේ පැවතුනි.)

මෙම සමුළුවේ යෝජනාවන්ට විරෝධය පළකරමින් අතරමගදී චීනය ඉන් ඉවත්වන නමුත් ටිබෙටය හා බිතාන්‍ය ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරෙණ අතර එය ”සිම්ලා සම්මුතිය’’ ලෙස හැඳින්වේ. සම්මුතියේ ඇමුණුමක් ලෙස ටිබෙටය හා ඉන්දියාව අතර දේශසීමා මායිම ලකුණු කරමින් සිතියමත් ඇතුළත් කරන අතර එම දේශ සීමාව ”මැක්මහෝන් රේඛාව’’ ලෙස හඳුන්වයි. බි‍්‍රතාන්‍යය වෙනුවෙන් සිම්ලා සමුළුවට සහභාගි වූ ප‍්‍රධාන සාකච්ඡුාකරු ”ශ‍්‍රීමත් හෙන්රි මැක්මෝහන්’’ ගේ නමින් නම් කරන ලද මෙම දේශ සීමා රේඛාව හිමාලය කඳුමුදුන දිගේ වැටී ඇති අතර එය භූතානයේ
නැගෙනහිර මායිමේ සිට බ‍්‍රහ්මපුත‍්‍ර ගංගාවේ විශාල වංගුව කරා දිවේ. දේශ සීමාවේ දිග දළ වශයෙන් කිලෝ මීටර් 890 කි. ඉන්දියාව ටිබෙටය හා ඉන්දියාව අතර නිල දේශසීමාව ලෙස මෙම රේඛාව සලකන නමුත් ටිබෙටය තම පාලන ප‍්‍රදේශයක් ලෙස සලකන චීනය කිසිදින එය පිළිගත්තේ නැත. මෙම මතභේදය වර්ථමානය දක්වා දිවෙන චීන ඉන්දියා ගැටුම්වලට හේතුවයි.

1962 චීන ඉන්දියා දේශ සීමා යුද්ධය

1959 ටිබෙට් කැරැල්ලෙන් පසුව ඉන්දියාව ටිබෙට්  ආගමික නායක ”දලයි ලාමා’’ට දේශපාලන රැකවරණය ලබාදුන් අතර එය චීනයේ දැඩි විරෝධයට හේතු වී තිබිණි. මේ අතර චීන නායක ‘‘චෞඑන් ලායි’’ ඉන්දියාව සහ ටිබෙටය අතර නව දේශසීමාවක් ප‍්‍රකාශයට පත්කළ අතර එය ”තත්‍ය පාලන රේඛාව’’ ලෙස හැඳින්වේ. මෙම නව රේඛාව දිගේ චීනය විසින් මුර සංචාර ආරම්භ කළ අතර දේශසීමාව දිගේ මුරපළවල් පිහිටුවීමට ක‍්‍රියාකරන ලදී. චීනයේ සැපයුම් සහ මුර සංචාර සඳහා බාධා කිරීම අරමුණු කොටගෙන ඉන්දියාව ඉදිරි ආරක්‍ෂක ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් මැක්මහෝන් රේඛා මායිම දිගේ මුර සංචාර පැවැත්වීමට සහ නව මුරපළවල් පිහිටුවීමට ක‍්‍රියා කිරීමත් සමග චීනය දැඩි ක‍්‍රියාමාර්ග ගනිමින් 1962 ඔක්තෝම්බර් 20 දින මැක්මහොන් රේඛාව හරහා ඉදිරියට ගමන් කරමින් අරුණාචාල් සහ ලඩාක් ප‍්‍රදේශ ආක‍්‍රමණය කළේය.

චීනය හා ඉන්දියාව අතර යුද්ධය පූර්ණ වශයෙන් ඇවිල ගියේය. ඉතා දුෂ්කර සහ ජනශූන්‍ය හිමාලයානු කඳුකර පෙදෙස්වල සැපයුම් හිගවීමත්, දුර්වල සන්නද්ධ බලයත් හේතුවෙන් මෙන්ම සූදානම්ව නොසිටි අවස්ථාවක චීන ආක‍්‍රමණය එල්ල වීම ආදී හේතූන් නිසාවෙන් ඉන්දිය හමුදා ඉක්මනින්ම පසුබසින්නට වූ අතර චීන හමුදා වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.

යුද්ධයෙන් ඉන්දීය සොල්දාදුවන් 3250 ක් පමණ මියගිය අතර චීනය අක්සායි චින් ප‍්‍රදේශයේ ඉන්දියාවට අයත් භූමියෙන් වර්ග කිලෝ මීටර් 43000 භූමි ප‍්‍රමාණයක් අල්ලා ගන්නා ලදී. එය ප‍්‍රමාණයෙන් ස්විස්ට්සර්ලන්තයේ මුළු භූමි ප‍්‍රමාණයට වඩා වැඩිය. සටන් නොවැම්බර් 21 වැනි දින දක්වා පුරා මාසයක කාලයක් පැවතුණි. නොවැම්බර් 14 වන විට චීනය අක්සායි ප‍්‍රදේශය මුළුමනින්ම අල්ලාගෙන සටන් අවසන් කරමින් ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කළ අතර දෙරට අතර සටනින් ඉන්දියාව ලජ්ජාසහගත පරාජයක් ලැබීය. මෙම තීරණාත්මක පරාජය ඉන්දීය ආරක්‍ෂක ප‍්‍රතිපත්තීන්හි සහ සන්නද්ධ හමුදාවන්හි නවීකරණයක් සඳහා අවධානය යොමු කරවීමට සමත්වූ අතර න්‍යෂ්ටික අවි අත්පත්කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරලීමට ප‍්‍රභල ලෙස බලපෑ හේතුවක්ද විය.

1967 නාතුලා – චෝලා ගැටුම

1962 දේශසීමා යුද්ධයෙන් පසුව චීන හමුදා හා ඉන්දීය හමුදා අතර හිමාලයානු දේශ සීමාවන්හිදී සුළු සුළු ගැටුම් කිහිපයක් වාර්ථා වූ නමුත් ඒවා කිසිවිටෙක දෙරට අතර යුද්ධයක් බවට පරිවර්ථනය වූයේ නැත. නමුත් පළමු චීන ඉන්දීය දේශසීමා යුද්ධයෙන් වසර පහකට පසු 1967 වසරේ නැවත වරක් දෙරට අතර යුද්ධයක් ඇවිල යන්නේ චීනය විසින් ඉන්දීය භූමිය ආක‍්‍රමණය කිරීමත් සමගය. 1967 සැප්තැම්බර් 11 වැනි දින චීන හමුදා ඉන්දීය දේශ සීමාව අතික‍්‍රමණය කරමින් ”නාතුලා’’ ප‍්‍රදේශයෙන් ඉදිරියට ගමන් කරන්නට වූ අතර ඉන්දීය ආරක්‍ෂක අංශ තම භූමියෙන් ඉවත්ව යන ලෙස චීන හමුදා අණදෙණ නිලධාරියාගෙන් ඉල්ලා සිටි නමුත් එය නොතකා හැරිණි. ඉන්දීය හමුදා සැලසුම්සහගත ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කළ අතර ඒ හේතුවෙන් චීන හමුදාවන්ට නැවත තම සීමාවන්ට පසුබැස යෑමට සිදුවිය. සටන සැප්තැම්බර් 15 වැනි දින දක්වා පැවතුණි. 1967 ඔක්තෝම්බර් 1 වැනි දින සීකිම්හි ”චෝලා’’ හිදී ඉන්දීය හා චීන හමුදා කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් වාර්ථා වූ අතර එයද කෙටි සටනක් දක්වා ඇවිල ගියේය.

indu3ඉන්දීය හමුදා වාර්ථාවන්ට අනුව මෙම සටන්වලින් ඉන්දීය හමුදා භටයන් 88 දෙනකු මියගොස් 163 දෙනකු තුවාල ලබා ඇති අතර චීන හමුදා භටයන් අවම වශයෙන් 340 දෙනකු මියගොස් 450 කට වඩා තුවාල ලබා ඇතැයි සැලකේ. මේ සම්බන්ධයෙන් චීන පාර්ශ්වය කිසිදු වාර්ථාවක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියේය. කෙසේ වෙතත් ”නාතුලා – චෝලා ගැටුම’’ ලෙස හඳුන්වන ”දෙවන චීන – ඉන්දීය දේශසීමා ගැටුමින්’’ ඉන්දියාව උපක‍්‍රමශීලී ජයග‍්‍රහණයක් අත්කරගත් බව පොදු පිළිගැනීම වේ.

1987 දී චීන ඉන්දියා දේශසීමාවේ නැවත යුද උණුසුම ඇතිවේ

1986 පෙබරවාරි මාසයේදී ඉන්දීය හමුදාපති තනතුර සඳහා ජනරාල් ”කේ. සුන්දර්ජී’’ පත්වූ අතර ඔහු අරුණාචාල් ප‍්‍රදේශයේ ”ඔපරේෂන් චෙකර්බෝර්ඞ්’’ නමින් හමුදා අභ්‍යාසයක් ආරම්භ කිරීම හේතුවෙන් ප‍්‍රදේශයේ චීන හමුදා සේනාංක තැති ගැනීමකට ලක්වූ අතර 1967 ගැටුමෙන් වසර 20 කට පසු නැවතත් දෙරට අතර දේශ සීමා යුද්ධයක් ඇවිල යෑමේ ආසන්නයට පැමිණියේය. දෙරටෙහි හමුදා සේනාංක යුද්ධයක් අපේක්‍ෂාවෙන් මුහුණට මුහුණලා සීරුවෙන් තැබුණ අතර ඉක්මනින්ම නැවත යුද්ධයක් ඇවිල යනු ඇතැයි අනාවැකි පළවිය. කෙසේ නමුත් කිසිවකු ප‍්‍රහාරයන් සඳහා ඉක්මන් නොවුන අතර රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡුා මගින් තත්ත්වය සමනය කෙරිණි. දෙපාර්ශ්වයේම කිසිදු හමුදා භටයකු මියයෑම හෝ තුවාල ලැබීම සිදුනොවුන නිසාවෙන් මෙම ගැටුම ”ලේ රහිත යුද්ධය’’ ලෙස හැඳින්වේ.

2020 නැවත ඇවිල යන චීන ඉන්දියා දේශ සීමා යුද්ධය

කොවිඞ් 19 ලෝක ව්‍යාප්ත වසංගත තත්ත්වය මධ්‍යයේ ජන ශූන්‍ය හිමාල ප‍්‍රදේශවල පසුගිය මැයි 5 වන දින චීන හා ඉන්දීය හමුදා භටයන් අතර ගැටුම් ඇවිල ගියේ කාලයත් තිස්සේ පැවැති මතභේදයන්ගේ පුපුරා යෑමක් ලෙසටය. ඉන්දීය ටිබෙට් දේශසීමාවේ පිහිටි ”පැංගොන්ට් සෝ විලෙහි’’ වෙරළ තීරයේ ඇතිවූ ගැටුමෙන් ඉන්දීය හමුදා භටයන් 72 ක් තුවාල ලබා ඇති බව වාර්ථා වේ.indu4
ජුනි 16 වැනි සදුදා කාශ්මීරයේ ලඩාක් ප‍්‍රදේශයේ නැවත ගැටුම් ඇවිල ගිය අතර ඉන්දිය ආරක්‍ෂක අංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශසීමා වෙන්කරන ”තත්‍ය පාලන රේඛාව’’ උල්ලංඝනය කරමින් චීන හමුදා භටයන් ඉන්දීය භූමියට කඩාවැදීම හේතුවෙන් ගැටුම් ඇතිව ඇති බවත් සිදුවීම්වලින් ඉන්දීය හමුදා භටයන් 20 දෙනකු මියගොස් ඇති බවයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ”ෂාවෝ ලිජියන්’’ ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දිය හමුදා භටයන් පසුගිය සදුදා දින දෙවරක් දේශසීමාව උල්ලංඝනය කරමින් චීන පාලන ප‍්‍රදේශයන්ට

 ඇතුළුවීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර බරපතළ ගැටුම් ඇතිව ඇති බවයි. ඉන්දිය හමුදා ප‍්‍රකාශකයන්ට අනුව දෙපාර්ශ්වයෙන්ම කිසිදු අවස්ථාවක වෙඩි තැබීමක් සිදුව නැති බව කියා සිටින නමුත් සිදුව ඇති මරණ ගල් මුල් වැනි දේ වලින් පහරදිම්වලින් සිදුව ඇති බව අනුමාන කෙරේ.

2017 දී චීනය සීකිම් ප‍්‍රදේශය හරහා නව මාර්ගයක් ඉදිකිරීමට උත්සාහ කරන විට ඉන්දියාව ඊට විරෝධය දැක්වූ අතර පසුගියදා ඉන්දියාව ලඩාක්හි නව මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන්ද චීනය සිය කනස්සල්ල පළකර ඇත. නව ප‍්‍රවේශ මාර්ගය මගින් මතභේදාත්මක ප‍්‍රදේශය දිල්ලිය හා වඩා පහසුවෙන් සම්බන්ධ කළ හැකි අතර ගැටුමකදී තුවාලකරුවන් ප‍්‍රවාහනය මෙන්ම සැපයුම් කාර්්‍යක්‍ෂම කිරීමද සිදුකළ හැකිය.

ලොව ප‍්‍රමුඛ පෙළේ න්‍යෂ්ටික යුද බලවතුන් දෙදෙනා කිලෝ මීටර් 3440 කට වැඩි දුරක දේශසීමාවන්හි මුහුණට මුහුණ හමුවෙයි. දේශසීමාවන් අතර ස්ථාන 20 කට වැඩි ප‍්‍රමාණයක් මතභේදාත්මක වන බව කියැවේ. මෙම ගැටලූ විස`දා ගැනීම සඳහා පසුගිය දශක කිහිපය පුරාම සාකච්ඡුා වට ගණනාවක් පවත්වා ඇතත් තවමත් නිශ්චිත විසඳුමක් නොමැතිවීමේ හේතුවෙන් ඕනෑම අවස්ථාවක දරුණු ගැටුම් ඇවිල යෑමේ ඉඩක් ඇති අතර එවැනි ගැටුමක් දෙරට අතර යුද්ධයක් දක්වා වර්ධනය වීමේ ඉඩක්ද නැත්තේ නොවේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.