හැම උත්පත්තියකම එන බව පුරුදු… බදුල්ලේ මෛත‍්‍රී රත්නායක

”අවසරයි හාමුදුරුවනේ භව, පුරුදු ගැන තොරතුරු දැනගන්න කැමතියි හාමුදුරුවනේ. භව පුරුදු ජීවිතයෙන් ජීවිතයට ගෙන යනවද ස්වාමීනී?”

”මහත්තයා, භවය කියන්නෙම අපි කල්ප කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කළ දේවල් භවයෙන් භවයට ගෙන යනවා කියන එකයි. අපි දැනගෙන හෝ නොදැන ගෙන එන පුරුදු සමූහයකට. අපේ ගෞතම බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා බුදු බව අපේක්ෂාවෙන් පෙරුම් පිරුවා කියන්නෙත් මේ පුරුදු පුහුණු කිරීමටයි.”

”අපි පුරුදු පුහුණු කරන සෑම දෙයක්ම අපේ යටි හිතේ නැතිනං විඥානයේ තැන්පත් වෙනවා.එහෙම තැන්පත් වෙන දේවල් සංසාරය පුරා අපි ගෙන යනවා. අප පිටුපස ගොනා බැඳපු කරත්තය වගේ එනවා, සමහර විට හො`ද පුරුදු වගේම නරක පුරුදු, පවු හිතුවිලි, අපේ විඥානයේ තැන්පත් වෙනවා. හරියට මහා සාගරයේ පාවෙන අයිස් කුට්ටියක් වගේ.”

”මහා සාගරයේ පාවෙන අයිස් කුට්ටියේ අපි දකින්නේ වතුරෙන් උඩට මතුවෙලා තියෙන කොටහ විතරයි. සියයට දහයක කොටහක් විතරයි අපි දකින්නේ. සියයට අනූවක කොටහක්ම තියෙන්නේ වතුරේ යටයි. අන්න ඒ වගේ අපි භවයේ රැස්කරන, රැස්වෙන කර්ම යහපත් හෝ අයහපත් කර්ම භවයෙන් භවයට අපි එක්කලා ගලාගෙන එනවා. යහපත් වගේම අයහපත් පුරුදු වුණත් එහෙමයි.”

”වෛරය, ද්වේශය, ක්‍රෝධය, තරහව වගේම ආදරය, මෛත‍්‍රීය, කරුණාව, දයාව භවයෙන් භවයට අපි එක්කලා අප පසු පස්සේ එනවා. එමනිසා හැමවිමටම අපි ආදරය, දයාව, කරුණාව, මෛත‍්‍රීයෙන් යුක්තව වැඩ කටයුතු කිරීම සුදුසුයි.”

”භවයෙන් භවයට යනවා කියන කතන්දරයට මම මහත්තයට බුදුන් දවසේ වැඩහිටි මහ රහතන් වහන්සේ කමක් ගැන කියන්නං.”

”බුදුන් වහන්සේ වැඩසිටි සමයේ හිටියා එක්තරා මහ රහතන් වහන්සේ නමක්. උන්නාන්සේගේ නම පිළින්දිවචීඡ මහ රහතන් වහන්සේ කියලා. මෙම රහතන් වහන්සේ ආරාමේ අනෙක් භික්ෂූන් වහන්සේලාටයි, උපාසක උපාසිකාවන්ටයි කතා කරන්නේ, ආමන්ත‍්‍රණය කරන්නේ, නොහොබිනා වචනවලින්. අවඥා සහගතවයි කතා කරන්නේ. අපහාස වෙන විදිහටයි කතා කරන්නේ. මහා සංඝයා වහන්සේලාටත් අගරු විදියටයි කතා කරන්නේ.”

”සාමාන්‍යයෙන් කවුරු වුණත් කැමති නෑ තමන්ට අගරු විදිහට, අපහාස වෙන විධිහට කතා කොරනවට. කිසිම කෙනෙක් එහෙම කතා අහන්න කැමතිත් නෑ.”

”දවසක් අනෙක් ස්වාමීන් වහන්සේලා බුදුන් වහන්සේ බැහැ දැකලා වැ`ද පුදාගෙන, පිළින්දිවචීඡ මහ රහතන් වහන්සේගේ මෙම නොසරුප් කතා විලාසය ගැන පැමිණිලි කර සිටියා.”

”උන්වහන්සේලා බුදුන් වහන්සේට දන්වා හිටියා කවුරුවත් ඒ අන්දමට කතා කරනවට අකමැති බව.”

”ස්වාමීන් වහන්සේලාගේ පැමිණිල්ල පිළිබ`දව බුදුන් වහන්සේ බුද්ධ ඥානයෙන් බැලූවා. බුදුන් වහන්සේ පිළින්දිවචීඡ මහ රහතන් වහන්සේගේ අතීත භවයන් පිළිබ`දව බැලූවා. බුදුන් වහන්ගේ බුද්ධ ඥානයට පෙනුනා පිළින්දිවචීඡ මහ රහතන් වහන්සේ ගේ අතීත භවයන් ගැන.”

”බුදුන් වහන්සේ ඉන් පසුව පැමිණ සිටි භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කළා.”

”මහණෙනි, ඔය පිළින්දිවචීඡ මහ රහතන් වහන්සේගේ අතීතයේ භවයන් ගණනාවක්ම උසස් පවුල්වල ඉපදිලා තියෙනවා. ඒ කාලවල ජාතිමානය නිසා සෙසු උදවියට උන්නාන්සේ කතා කරලා තියෙන්නේ පහත් ආකාරයටයි. භවයෙන් භවයට ආපු එම පුරුද්ද අද මහ රහතන් වහන්සේ නමක් උනත් අදත් උන්වහන්සේ ළ`ග අර පරණ පුරුදු තියෙනවා.”

”දැන් උන්වහන්සේට මානයක් නැහැ, දායක කාරකාදීන්ට කටෝර වචනයෙන් කතා කළත්, ආමන්ත‍්‍රණය කළත් උන්වහන්සේගේ සිතේ කිසි ක්ලේශයක් නැහැ.”

”මෙය භව පුරුද්ද නිසා ඇතිවුණු දෙයක්”

”එහෙමයි ස්වාමීනී”

”මහත්තයා භවයෙන් භවයට එන පුරුදුවල ඉතාම භයානකම අවස්ථාවන් තමයි භවයෙන් භවයට යන වෛරය, මෙම තත්ත්වයට හො`දම උදාහරණයක් තමයි සේරි වාණිජ ජාතකය.”

මෙම වෛරයේ ආරම්භය බව කල්ප කෝටි ගණනාවක් ඈතට යනවා, අපේ බුදුන් වහන්සේ සංසාරයේ සැරිසරද්දි එක භවයක රක්ෂාව වශයෙන් කරලා තියෙන්නේ වෙළෙ`දාම. උන්වහන්සේගේ යහ`ඵවා එක්කලා වෙළෙ`දාමේ යනකොට දුප්පත් වූ සිටු පවුලක තිබුණ රත්තරන් තළියක් පිළිබ`දව ඇතිවුණ ආරවුල කල්ප කෙළ කෝටි ගණනාවක් පුරා ඇවිත් අපේ ගෞතම බුදුන් වහන්සේගේ කාලය දක්වාම ආපු හැටි බුද්ධ චරිතය කියවන කොට දැන ගන්න පු`ඵවන්.”

”බෝධි සත්වයන් වහන්සේගේ මස්සිනා වශයෙන් එම භවයේ සිටි දේවදත්ත පසුව බුදුන් වහන්සේගේම ගෝලයෙකුව සිට බුදුන් වහන්සේට එරෙහිව වෙනම භික්ෂූන් කණ්ඩායමක් සංවිධානය කළා. බුදුන් වහන්සේ තුන් වරක්ම ඝාතනය කිරීමට දේවදත්ත ස්වාමීන් වහන්සේ කි‍්‍රයා කළා. ඒ වනවිටත් උන්වහන්සේ මාර්ග ඵලයකට පත්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් බව බණ පෙතේ ස`දහන් වෙනවා.”

”පසුව තමන්ට සත්‍ය අවබෝධ වී බුදුන් වහන්සේ දැකීමේ අභිලාෂයෙන් එන අතරම`ගදී මහ පොළොව පැලී දෙව්දත් හාමුදුරුවෝ අපා ගතවූ බව අපේ බණ පොත්වල ස`දහන් වෙනවා.”

(දඹදිව සංචරය කරන අවස්ථාවලදී දෙව්දත් හාමුදුරුවෝ අපා ගතවූ මෙම ස්ථානය වන්දනාකරුවනට දැක ගත හැකිය. එම විස්තරය ඇතුළත් දැන්වීම් පුවරුවක් ද සවිකර ඇති අතර එම ගැඔුරු ළි`ද වටා දැල්වලින් ආරක්ෂා කොට ඇත.)

”භව පුරුදු ගැන බටහිර රටවල ඇතැම් විද්වතුන් පරීක්ෂණ රාශියක් කරලා තියෙනවා. එම පත පොත් මම කියවලා තියෙනවා.

”එක සිද්ධියක් මෙහෙමයි. එක දරුවෙක් ඉතා ද`ගකාර දඩබ්බර විදිහට හැසිරෙන නිසා එම දරුවාගේ දෙමව්පියන් දරුවා මෝහන පරීක්ෂාවකට යොමු කරලා තොරතුරු හොයන කොට එම දරුවා පෙර භවයක ඇමෙරිකා හමුදාවේ සොල්දාදුවෙකු ලෙස සිටීම නිසා මේ භවයේ එසේ හැසිරෙන බව දැන ගන්නට ලැබී තියෙනවා.”

”තවත් සිද්ධියක් මගේ මතකයට එනවා. මෙම සිද්ධියත් එක්තරා පොතකින් මට කියවන්න ලැබුණා. මෙම සිද්ධිය ස`දහන් වෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පදිංචි එක්තරා දත් දොස්තර මහත්තයෙක් පිළිබ`දවයි.”

”ඉතා දක්ෂ ජනප‍්‍රිය දත් දොස්තර මහත්මයෙකු වූ මේ දොස්තර මහතා විවේක වෙලාවක් ලැබුණු හැම අවස්ථාවකදීම බිලි පිත්තක් ද තුවක්කුවන් ද රැගෙන කැලෑ වදින බවත් මසුන් ඇල්ලීමෙන් ද සතුන් දඩයම් කිරීමෙන් ද එතුමා අසීමිත ආස්වාදයක් ලබන බවයි.”

”මෙම වෛද්‍යවරයා එවක සිටි ප‍්‍රසිද්ධ අභිඥයෙකු වූ එඞ්ගා කේෂී මහත්මයා වෙතින් ලබාගත් ජීවිත කියැවීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ මෙම තැනැත්තා පෙර භවයකදී නිව් ජර්සි ප‍්‍රාන්තයේ උපත ලබා හිටි කාලයේ දිය පාරවල් දොළවල් ආශි‍්‍රතව ප‍්‍රදේශවල සතුන් අල්ලා ජීවත් වී ඇති බවයි.”

”එම ප‍්‍රදේශයේ සතුන්ගේ ලොම් කපා විකිණීමේ ව්‍යාපාරයක යෙදී ඇති බැවින් එම පුරුද්ද මෙම භවය දක්වාම එන බවයි.”

”මහත්තයා සමහර විට කෙනෙකුට හිතෙන්න පු`ඵවන් අපි පෙර භවවලදී නොයෙක් නොයෙක් භාෂා කතා කළා නං ඇයි අපට දැන් එම භාෂා මතක් වෙන්නෙ නැත්තේ කියලා, ඒකටත් හේතු තියෙනවා”

”මෙහෙම ප‍්‍රශ්නයක් බුදුන් වහන්සේ වැඩ හිටි සමයේ සුභ කියලා තරුණයෙක් බුදුන් වහන්සේගෙන් ඇසුවා”

”භාග්‍යවතුන් වහන්ස, සමහර අය හැම දේකටම හරි දක්ෂයි සූරයි ඒත් තවත් සමහර උදවිය මෝඩයි එහෙම සිද්ධවෙන්නේ ඇයි’ කියලා,

එතකොට අපේ බුදු හාමුදුරුවෝ දේශනා කෙරුවා,

”මානවකය, කිසියම් කෙනෙක් නිතර නිතර ශ‍්‍රමණයන් වෙත ගිහිල්ලා යහපත් දේ මොනවද? අයහපත් දේ මොනවද? කියලා අහලා බලනවා නං මෙය සිත දියුණු කරන ප‍්‍රතිපදාවයි කියලා”

මෙය බණ පොතේ ස`දහන් වෙන්නේ පඤ්ඤාසංවත්තනික පටිපදාය කියලා,ට්

”මෙතන පඤ්ඤාසංවත්තනික පටිපදාය කියලා විස්තර කරන්නේ ඉගෙන ගැනීමයි, එසේ ඉගෙන ගන්නා දැනුම අපි අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ විඤ්ඤානයේ තැන්පත් වෙනවා, ඒවා භවයෙන් භවයට ගෙන යනවා”

”සමහර රටවල ඉතා අස්වාභාවික දක්ෂතා කුසලතා ඇති දරුවන් පිළිබ`දව ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලින් අහන්නට දකින්නට ලැබෙනවා. ඇමෙරිකාවේ එක්තරා දරුවෙක් පිළිබ`දව. දරුවගේ වයස අවුරුදු තුනයි. ඉතා අසාමාන්‍ය අන්දමට චිත‍්‍ර ඇ`දීමේ හැකියාවක් පෙන්නලා තියෙනවා, අවුරුදු තුනක් වෙච්ච මෙම දරුවා ඇ`දපු චිත‍්‍රයක් ලෝකයේ උගතුන්ගේ අවධානයට ලක්වුණා. චිත‍්‍රයෙන් දක්වලා තිබුණේ අශ්වයෙකු උඩ නැ`ගලා යන කෙනෙක්ගේ රූපයක්.

චිත‍්‍රය පරීක්ෂා කරපු උගතුන් එය ඉතා විශිෂ්ට කලා කෘතියක් ලෙස හ`දුන්වලා තියෙනවා.

ඒත් මෙම පවුලේ කවුරුත් චිත‍්‍ර ශිල්පය, චිත‍්‍ර කර්මය ඉගෙන ගෙන හරි චිත‍්‍ර ශිල්පය ගැන කතා කරන පසුබිමෙක නෙවෙයි ඉ`දලා තියෙන්නේ.

ඒ දේ කොහොමද හාමුදුරුවනේ සිද්ධවෙන්නේ?

ඒක අරුම පුදුම දෙයක් නෙවෙයි මහත්තයා. උත්පත්තියක් ලබන කොට බොහෝ ළමයින්ට මෙම හැකියාව තියෙනවා. ඒත් කියා ගන්න බෑ කියවා ගන්න පු`ඵවන් වෙනකොට ඒ දේවල් අමතකයි. පෙර භවයේ ඉ`දලා ස්මරණ ශක්තිය දියුණු කරපු ඉතා සමීපයෙන්ම මනුස්ස භවයක් හිමිවුණ කෙනෙකුට බොහෝ විට පෙර භවයේ යම් යම් දේවල් සිහිපත් වෙනවා.

තවත් සිද්ධියක් මගේ කල්පනාවට එනවා. මෙම ශත වර්ෂයේදී එංගලන්තයේ ගිල්ඞීෆඞී විශ්වවිද්‍යාලයේ දෙවන අවුරුද්දේ ඉගෙනීම කළ ගනේෂ්් සිත්තම්පලම් කියන ලංකාවේ දරුවෙක් සම්බන්ධව.

මෙම දරුවා 19 වන ශත වර්ෂයේ එංගලන්තයේ විශ්වවිද්‍යාලකට ඇතුළු වුණ ළාබාලම දරුවා හැටියට වාර්තාවෙලා තියෙනවා. ඒ ගැන ඒ දිනවල එංගලන්තයේ පත්තරවල පවා තොරතුරු පළවෙලා තිබුණා.

බෝධි සත්වයන් වහන්සේ පෙරුම්පිරුවාය කියන්නේ තමන් ප‍්‍රගුණ කළ දේ භවයෙන් භවයට ගෙන ආ කතාවටයි.

පුනර්භවය ගැන ලෝකය පුරා ගිහින් පර්යේෂණ කරන උදවියත් ඉන්නවා. ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාංශයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් එහෙම පරීක්ෂණ කරන එක මහත්මයෙක්.

උන්නැහේ ලංකාවටත් ඇවිල්ලා පරීක්ෂණ රාශියක්ම කරලා තියෙනවා. උන්නැගේ පරීක්ෂණවලින් හෙළි වී ඇති සිද්ධි සිංහලට පරිවර්තන කරලා ලියපු පොතක් මට කියවන්න ලැබුණා.

පෙර භවයන්වල සිද්ධවෙච්ච ඇතැම් අනතුරුවලදී, කලකෝලාහලවලදී, සිදුවුණ හානි මෙම භවයට පැමිණ ඇති ආකාරය ඡායාරූප මගින් මෙම පොතේ දක්වලා තියෙනවා.

පෙර භවයන්වලදී අත් පා අහිමි වුණ දරුවන්ගේ මෙම භවයේදී ද අත් පා අහිමි වී තිබීම ද භවයෙන් භවයට කර්මය ගෙන යන ආකාරය ද එම පොතේ දැක්වෙන විස්තර අනුව සනාථ වෙනවා.

ඉතා භයානක දෙයක් තමයි භවයෙන් භවයට යන ශාප කිරීම, සමහර ඇත්තෝ තමන්ට හිරිහැර කරන උදවියට දරුණු අන්දමට ශාප කරනවා. සමහර අවස්ථාවල දෙමවුපියන්ට කරන ශාප කිරීම් දරුවන්ටත් බලපානවා. එසේ ශාප ලත් දරුවන් ඊළ`ග භවයේදී අංග විකල, ආබාධිත දරුවන් හැටියට උත්පත්තියක් ලබනවා.

අත් පා නැති ඇස් නොපෙනෙන කන් නොඇසෙන විකලාංගව විකෘතිව දරුවන් උපදින්නේ එහෙම කාගේ හෝ සාපයකට ලක් වුණ දරුවන්.

ඇතැම් අවස්ථාවල දෙමව්පියන්ගේ කල්ක‍්‍රියාවන් නිසාද අංගවිකල දරුවෙක් ලැබීමේ අවස්ථා ද තියෙනවා.

එම නිසා යහපත් මිනිස් උපතක්, භවයක්, ලබා ඇති මෙම පින්වත් ඇත්තෝ ලබා ඇති මෙම වටිනා මිනිස් භවය විනාශ කර ගන්නේ නැතිව සුගතිගාමී භවයක් අපේක්ෂාවෙන් ක‍්‍රියා කරන එක හො`දයි.

වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව තරහව වෙනුවට හැම මොහොතකම මෛත‍්‍රීය, දයාව කරුණාව ආදරය සිත් තුළ පවත්වා ගෙන ඉන්න කෙනෙකුට හැකි නම් යහපත් සුගතියක් ලැබෙනවා මහත්තයා. – Divaina

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.