එජාප ආසන සංවිධායකයන් අද හදිසියේ කොලඹට කැදවයි

එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධාකයන්ට සහ දිස්ත්‍රික් කළමනාකරුවන්ට අද සිරිකොත එජාප මූලස්ථානයට පැමිණෙන්නැයි දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම දැනුම් දීම සිදුකර තිබේ.
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට වෙත කැඳවීමට නියමිත අතර පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් සියලු දෙනා මේ සඳහා සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තීරණාත්මක පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන්ද සිරිකොතට ගෙන්වා උපදෙස් ලබාදෙන අතර එ් අනුව පසුගිය 29 වැනිදා කොළඹ මහ නගර සභාවට තරග කරන සියලු අපේක්ෂකයන් පක්ෂ මූලස්ථනායට කැඳවා තිබිණි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.