විදුලිය නීති විරෝධීව ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන්නැයි විදුලි බල බල ශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය විමර්ශන කන්ඩායම් හා පොලිසිය සමග එක්ව හොරෙන් විදුලිය ලබා ගන්නා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් අරඹා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ් අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාලය තුළ හොරෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 1937 දෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු මත දඩමුදල් වශයෙන් රුපියල් මිලියන 59ක් අය කර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර විවිධ පුද්ගලයින් වාර්ෂිකව හොරෙන් විදුලිය ගැනීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල රුපියල් මිලියන 100 ඉක්මවන බව ද වාර්තා වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඇතැම් පුද්ගලයින් වැඩිපුරම විදුලිය හොරකම් කරන්නේ වගාවන්ට හානි කරන සතුන් පළවා හැරීමට බව පෙනී ගොස් තිබෙනවා.එමෙන්ම ඇතැම් පුද්ගලයින් තම ව්‍යාපාරික ස්ථානයකට නිත්‍යානුකූලව ලබා දී ඇති විදුලිබලය වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ද භාවිතා කරන බව පෙනී ගොස් ඇති බවයි අනාවරණ කර ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.