ඇසළ පුන් පොහොය අදයි

ඇසළ පුන් පොහොය අදට (04) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සඳහා දම්සක් පැවතුම් සූත‍්‍ර පළමු ධර්ම දේශනාව පැවැත්වීම අද වැනි දිනක සිදුවීම විශේෂත්වයක්.

එමෙන්ම රාහුල කුමාර උප්පත්තිය, බෝධිසත්වයණන් වහන්සේ මහාමාය දේවියගේ මව්කුස පිළිසිද ගැනීමත් අද වැනි දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රථම ධර්ම සංඝායනාව සිදුකළේ ද ඇසළ පුන් පොහෝ දිනකයි. මෙරට ප‍්‍රථම බෞද්ධ භික්ෂුව ලෙස ශාසනයට ඇතුලත්වූ අරිටු කුමරු ප‍්‍රධාන 56 දෙනා පැවදිව උපසම්පදා වූයේ ද අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

දුටුගැමුණු රජතුමන් රුවන්වැලි මහා සෑ ථූපය ඉදිකිරීම සඳහා බුද්ධ වර්ෂ 382 දී මුල්ගල තැබීම ද අද වැනි ඇසළ පොහෝ දිනක සිදුවීම විශේෂත්වයක්.

ඇසළ පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා වෙභෙර විහාරස්ථානවල ආගමික වතාවත් පැවැත්වෙනවා. ඒ සෞඛ්‍ය නිර්දේශ වලට මුල්තැන ලබාදෙමින්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.