යකාබැඳි ඇල්ල ජීවිත දෙකක් බිලි ගනී

ගිරිඋල්ල, යකාබැඳි ඇල්ලේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා.

අනතුර සිදුවූයේ ඊයේ සවස. සිද්ධියෙන් තවත් පස් දෙනෙකු දිවි බේරාගෙන තිබුණා.

හත් දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස රබර් ටියුබ් යොදාගෙන යකාබැඳි ඇල්ලේ විනෝදවීමට ගොස් ඇති අතර  ටියුබ් යොදාගෙන විනෝදවෙමින් සිටි, සිව් දෙනෙකුයි. මෙම අනතුරට මුහුණ දුන්නේ.

මියගිය අයගෙන් එක් අයෙකු නාරම්මල මයුරපාද විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්. ඔහු පන්නල, ඉහළ කොටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය අනෙක් සිසුවා මත්තේගම, සල්මල්උයන ප්‍රදේශයේ පදිංචි ගිරිඋල්ල, වික්‍රමශිලා ජාතික පාසලේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.