කොරෝනා වැළඳුණු බව කී ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා නැහැ.

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයකු නොවන බවයි මේ වන විට තහවුරු කර ඇත්තේ.
ඒ රෝහල්ගත කර සිදුකළ පරීක්ෂණ 5කින් පසුවයි.
කෙසේ වෙතත් වඩාත් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් 154 දෙනෙකුද පී සී ආර් පරීක්ෂාවන්ට ලක්කර තිබුණා.
එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන් කිසිවකුටද කොරෝනා ආසාදිත තත්ත්වයක් නොපවතින බවයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.