මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. ඒ ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලුපාර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ අලුයම මෙම අනතුරු සිදු වුණා. එහිදී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ධාවනය කළ මෝටර් රථයේ ගැටුණු පාපැදිකරුවකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව අත්අඩංගුවට ගත් කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටද නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මිය ගිය පුද්ගලයාට සැප්තැම්බර් 9 වනදාට පෙර රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන මෙන් නියෝග කළා. ඒ අනුව අවසන් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 02 ක මුදලක් අද ලබා දුන්නා. මෙම අනතුරෙන් මිය ගියේ ගොරකපොල පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.