බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සනාරෝට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
ඒ බව තහවුරුව ඇත්තේ ඔහු මුහුණදුන් නවතම පරීක්ෂණයේදීයි.
මේ දක්වා කොරෝනා වෛරසය වැළදීම වැලැක්වීම වෙනුවෙන් මුහුණු ආවරණ පැළදීමද ඔහු විසින් ප්‍රතික්ෂේප කළා.

අධිකරණ තීන්දුවක් ලබාදීමෙන් පසුවයි ඔහු මුහුණු ආවරණයක් පළදිනු ලැබුවේ.
මේ වන විට අධික උණ තත්ත්වය ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් ඔහු විසින් පෙන්නුම් කර ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
65 වන වියේ පසුවන බ්‍රසීල ජනාධිපතිවරයා ඔහුගේ වයස අනුව අධි අවදානමක පසුවන බවයි ජාත්‍යන්ර මාධ්‍ය පවසන්නේ.
ලොව දැවැන්තම වැසි වනාන්තරය වන ඇමසන් වැසි වනය විනාශ කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවනවා.
එම තත්ත්වය මත බොහෝ දෙනකුට මෙය සුබවාදී පුවතක් වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.