හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳුකැලෑවක සැරි සරන දිවියා අල්ලා ගැනිමට වනජිවි නිළධාරින් අදත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.
ඊයේ දහවල් එම වතුයායේ වතු නිවාස පෙළකට ආසන්නයේ තිබු ලඳු කැලෑවක සිටි මෙම දිවියා සුනඛයෙකු දඩයම් කරන අවස්ථාවේ සුනඛයා බේරා ගැනිමට ගිය වතුකම්කරු කාන්තාවකට මුලින් පහර දි තුවාල සිදුකර  තිබූ අතර ඇය ඛේරා ගැනීමට ගිය තවත් 4 දෙනකුට ද පහරදී තිබුණා.
එම දිවියා අල්ලා ගැනිමට හැටන් පොලිසියේ නිළධාරින් නල්ලතන්නිය වනජිවි කාර්යාල නිළධාරින් හා වතුකමිකරුවන් එක්ව ඊයේ පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදි දිවියා තවත් වතුකම්කරුවන් දෙදෙනෙකුට පහරදි තුවාල සිදුකර තිබුණා.
දිවියා පහර දිමෙන් තුවාල ලැබු වතුකම්කරුවන් හත්දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප‍්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා තිඛෙනවා.
23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.