එජාපය අභියෝගයක් නොවේ / පාඨලී

අලුත් පක්ෂයට තිබෙන එකම අභියෝගය ආණ්ඩුවට වඩා එක්සත් ජාතික පක්ෂය නේද? (සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක) සමගි ජන බලවේගය හදන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සජිත් ප්‍රේමදාස මහත්තයාට තියෙනවා. ප්‍රායෝගිකව ගත්තහම එජාපයේ සාමාජිකයෝ සමගි ජන බලවේගයත් එක්ක ඉන්නේ. අනික මේක හදලා තියෙන්නේ එජාපය මූලික කරගෙන නෙමෙයි. සෙසු සියලුම පක්ෂ හා බලවේග එකතුවෙලා. මේ හදලා තියෙන්නේ කෙළින්ම රාජ්‍ය බලය අල්ලගන්න. ආණ්ඩුවට එරෙහිව ජනබලයක් ගොඩනගලා අලුත් ආණ්ඩුවක් බිහිකරන්නයි අපේ අරමුණ. එහෙම නැතිව එජාපයට විරැද්ධව කිසිම සටනක් නැහැ. මොකද එජාපයේ සියලුදෙනා ඉන්නේ අපිත් එක්ක.

සජිත් ප්‍රේමදාස එජාපයෙන් කඩලා එළියට ගත්තේ පාඨලී චම්පිකගේ උසිගැන්වීම මත කියලා චෝදනාවක් තිබෙනවා. ඒක ඇත්තද?

සජිත් ප්‍රේමදාසට නායකත්වය දෙන්න ඕන ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න ඕන කියලා සටන පටන් ගත්තේ 2005 ඉඳන්. ඔය අවුරැදු 15ක තිබුණ වේදනාව තමයි පසුගියදා පුපුරලා එළියට ගියේ. සජිත් ඕන කියලා කිව්වේ එජාප අභ්‍යන්තරය. ඒ අභ්‍යන්තරයෙන් ආපු ඉල්ලීම මත තමයි සජිත් ජනාධිපතිවරණයට එන්නේ. අන්න ඒ අභ්‍යන්තරයෙන් ආපු යෝජනාව ඇත්තටම රටට හොඳයි. ඇත්තටම රටට හොඳ නායකත්වයක් දැන් අවශ්‍යයි. රට විනාශ කරලා බැංකු මංකොල්ල කාලා විවිධ චෝදනා මත සිටින එජාපයකට වඩා අලුත් කණ්ඩායමක් තමා දැන් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ. අන්න ඒ කණ්ඩායම තමයි දැන් පිහිටුවලා තියෙන්නේ. එය පිහිටුවන්න අපිටත් ආරාධනා කළා. ඒ වගේම කියන්න ඕන විවිධ චෝදනා තිබෙන බැංකු හොරැ වංචාකාරයෝ උත්සාහ කළා සජිත්ව තියාගෙන සජිත්ගේ ජනප්‍රියතාවයෙන් දිනන්න. අන්න ඒ බලාපොරොත්තු කඩවීම නිසා තමයි අපට ඔය චෝදනාව එන්නේ.

චම්පික කියන්නේ බෞද්ධ ඡන්දවලින් බෞද්ධයන්ට නායකත්වය දෙන්න ආපු නායකයෙක්. හැබැයි ඔහු කාලයක් එජාපයේ හිටියා. දැන් සජිත් ගාව ඉන්නවා. එජාපයේ අයට චෝදනාවක් තිබෙනවා බෞද්ධාගම විනාශ කළා කියලා. එහෙම තත්ත්වයක චම්පිකට දැන් බෞද්ධ පදනම තිබෙනවාද?

අපි බෞද්ධ පදනම මත හැදුණු කණ්ඩායමක්. සමානාත්මතාවය, දුකට පත්වූ අයට උදව් කිරීම වගේ ශිෂ්ඨාචාරයත් එක්ක බැඳුණු පාලනයක් අපට තිබෙන්නේ. එදා අපි එජාපයට එකතුවුණේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා. මොකද ඒ වනවිට තිබුණා පවුල් පාලනයක් ගෙනයාමට පුළුවන් දුෂ්ඨ ක්‍රමයක්. අන්න ඒක පරාජය කරන්න තමා අපි ඉදිරිපත් වුණේ. එහෙත් අපිත් එක්කත් හිටියා බෞද්ධ විරෝධී සහ සිංහල විරෝධී අදහස් ශරීරයට කාවැදුණු අය. ඒ වගේම නොගැලපෙන ආර්ථික ක්‍රමවලට යටවෙලා කොටු වුණු අය. අන්තිම පල් වංචනිකයොත් හිටියා. ඒ පිරිස නිසා ඔබ කිව්වා වගේ අපේ ජන පදනමටත් හානියක් සිදුවුණා. ඒ නිසයි අපිට ඒ ආපු ජනතා බලය ඉදිරියට ගෙනියන්න බැරිවුණේ. හැබැයි සමගි ජනබලවේගයේ එවැනි කණ්ඩායමක් නැහැ. ඒ වගේම කියන්න ඕන අපේ දැක්ම බෞද්ධ නොවන නායකයොත් මේ වනවිට පිළිඅරගෙන තිබෙනවා.

මේ වනවිට පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශත් නිසා කතෝලික ජනතාවගේ හිත් බිඳිලා තිබෙනවා?

ලෝකය පුරා ඇතිවෙලා තිබෙන ඉස්ලාමීය මූලධර්මවාදී පිබිදීම නිසා ලෝකය පුරාම ආගමික මතවාද කේන්ද්‍ර කරගත් ජනප්‍රිය දේශපාලන මතවාදයන් ඉස්මතුවෙලා තිබෙනවා. ඇමෙරිකාවත් ක්‍රිස්ත්‍රියානි මූලධර්ම තුළ පිහිටලයි කටයුතු කරන්නේ. ජර්මනියෙත් එහෙමයි. බ්‍රිතාන්‍යයෙත් එහෙමයි. ඉන්දියාව ගත්තාම හින්දු මූලධර්මවාදයට අන්තයි. හැබැයි ඔය තත්ත්වය ලංකාවෙත් ඇතිවේගෙන යනවා. ඇත්තටම පාස්කු ප්‍රහාරය නම් ඇතිවුණේ ඉස්ලාම් අන්තවාදීන් සුළු පිරිසක් නිසා. ඔය අන්තවාදී පිරිසට ඇත්තටම උදව් කළේ රාජපක්ෂ පාලනය. ඒ අයට ඕනෑ වුණේ මධ්‍යස්ථ මුස්ලිම් බලධාරීන් මර්දනය කරන්න. ඒකයි මේ ප්‍රශ්නය ඉතාමත් පරිස්සමෙන් හඳුනාගන්න ඕන.

ඔබලා හිතනවා දිනන්න. එජාපයත් හිතනවා දිනන්න. ආණ්ඩුව දිනන එකටත් එහා ගිහින් තුනෙන් දෙකක් බලාපොරොත්තු වෙනවා. ඔබ හිතන්නේ මොකක්ද ඒ ගැන?

ඔය තුනෙන් දෙක බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට බලය ඉවත් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බලය පවරන්න හදන කණ්ඩායමක්. කවද හරි හැබැයි ඔය කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් ඔය වැඩේම කරනවා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.