අපේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව පොලීසියට උපදෙස් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එවැනි වාහනවල පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් , බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි.

තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් කිසිදු වාහනයක එවැනි ආකාරයේ පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනතට අනුව වරදක් බව ද මැතිවරණ කොමිසම සදහන් කළා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.